ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව පවසන්නේ පෙරේදා (13) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
උතුරු මැද නාවික විධානය මඟින් සිදු කළ නිරීක්ෂණයකදී මන්නාරමට උතුරු දෙසින් වූ දේශීය ජල තීරයට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් හඳුනාගෙන තිබූ බව නාවික හමුදාව පවසනවා.
ඒ අනුව එම යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, එහිදී දේශසීමා නීති උල්ලංඝනය කරමින් තවදුරටත් මෙරට මුහුදේ රැඳී සිටි මෙම ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ.
නාවික හමුදාව අදාල යාත්‍රාව වෙත නීත්‍යානුකූලව ගොඩවී පරීක්ෂා කිරීමෙන් අනතුරුව, එහි සිටි ඉන්දීය ජාතික ධීවරයින් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා භාරයට ගත් මෙම ධීවර යාත්‍රාව සහ සැකකාර ධීවරයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට පියවර ගත් බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.
Latest News
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
17 July 2026
ඩෙංගු මරණ 50 දක්වා ඉහළට - රෝගීන් ගණන 73,455 දක්වා නගී
Local
17 July 2026
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ළමා හා කාන්තා කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට
Local
17 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන් දෙදෙනාගේ අවසන් කටයුතු අද
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී
Local
17 July 2026
අමෙරිකාවෙන් විදෙස් සිසුන්ට සහ මාධ්‍යවේදීන්ට දැඩි වීසා නීති: ට්‍රම්ප් පාලනයෙන් නව සීමාවන් රැසක්!
Local
17 July 2026
LPL තරගාවලිය අදින් ඇරඹේ
Local
17 July 2026
2020 මැතිවරණ දත්ත චීනය සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චෝදනාවක්
Local
17 July 2026
අතුරුගිරියේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 10ක් රෝහලට
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
17 July 2026