මහඔය පොලිස් වසමට අයත් බෝගමුයාය ප්‍රදේශයේ පොල්ගස්තලාව රක්ෂිතයේදී වන අලියෙකු පහරදීමෙන් ඊයේ (15) රාත්‍රී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව මහඔය පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ උණුවතුර බුබුල ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු රක්ෂිත ප්‍රදේශයේ මුදාහැර සිටි තම ගවයන් පරීක්ෂා කර බලා නැවත නිවෙස බලා පැමිණෙමින් සිටියදී මෙම අනපේක්ෂිත වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ.
මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත අතර, මහඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
Latest News
එයාර් බස් ගණුදෙනුව ගැන සොයන්න CID සහ අල්ලස් නිලධාරීන් පිරිසක් ඕස්ට්‍රේලියාවට
Local
21 July 2026
යේමනයේ හවුතිවරු සෞදි අරාබියට එරෙහිව 'සාගර සම්බාධක' ප්‍රකාශයට පත් කරයි
Local
21 July 2026
ශ්‍රී ලංකන් කුවේට් ගුවන් ගමන් සතියකට අත්හිටුවයි
Local
21 July 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
21 July 2026
ජාතික හැඳුනුම්පත නැති අයටත් අනිද්දාට පෙර සාමාන්‍ය පෙළට අයදුම් කිරීමට අවස්ථාව
Local
21 July 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී නාඳුනන යාත්‍රාවක ගැටීමෙන් තෙල් නෞකාවකට හානි
Local
21 July 2026
අමෙරිකානු හමුදාවෙන් ඉරානයට එරෙහිව අඛණ්ඩව 10 වැනි දිනටත් ප්‍රහාර
Local
21 July 2026
ට්‍රම්ප් කැනඩාවට 50%ක බදු පනවයි
Local
21 July 2026
මීරිගම විදුලි උපකරණ අලෙවිසැලක හදිසි ගින්නක්
Local
20 July 2026
පරාජය හමුවේ ආජන්ටිනාවේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට
Local
20 July 2026