සති අන්තයේදී ඇමෙරිකාව සහ ඉරානය එකිනෙකාට එරෙහිව නැව්වලට ප්‍රහාර එල්ල කරමින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළ බවට කළ ප්‍රකාශයන් සමඟ හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වැසී යාම හේතුවෙන්, සඳුදා දිනයේ බොරතෙල් මිල 6% කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සිකුරාදා බොරතෙල් මිල 9% කට වඩා පහත වැටී තිබුණද, මෙම නවතම තත්ත්වය හමුවේ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල බැරලයක මිල ඩොලර් 6.11 කින් (6.76%) ඉහළ ගොස් ඩොලර් 96.49 ක් ලෙස සටහන්ව තිබෙනවා.
ඇමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් මිල ඩොලර් 6.53 කින් (7.79%) ඉහළ ගොස් බැරලයක් ඩොලර් 90.38 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
තම වරාය අවහිරතා නොතකා යාත්‍රා කිරීමට උත්සාහ කළ ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකානු හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව ජනාධිපති ඩොනල්ඩ් ඊයේ පවසා සිටියා.
මේ අතර, ට්‍රම්ප් විසින් යළිත් ගුවන් ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර තිබියදීත්, දෙවන වටයේ සාම සාකච්ඡා සඳහා සහභාගී නොවන බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා.
යුද්ධය ආරම්භ වීමට පෙර ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ හුවමාරු වූ හෝමූස් සමුද්‍ර සන්ධිය සඳහා පනවා තිබූ අවහිරතා ඉරානය විසින් ඉවත් කර පසුව නැවත පැනවීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර ඇමෙරිකාව තවදුරටත් ඉරාන වරායන් වටලා සම්බාධක ක්‍රියාත්මක කරනු ලබනවා.
MST Marquee හි පර්යේෂණ ප්‍රධානී සෝල් කැවොනික් පවසන්නේ, "තෙල් වෙළඳපොළ යථා තත්ත්වයට පත්වීමේ සැබෑ තත්ත්වය මත නොව, ඇමෙරිකාව සහ ඉරානය සමාජ මාධ්‍ය හරහා සිදුකරන විවිධ ප්‍රකාශ මත තෙල් මිල උච්චාවචනය වෙමින් පවතින" බවයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත බවට ඉරානය කළ ප්‍රකාශය සහ එය නැවත කිසිදා වසා නොදමන බවට ඉරානය එකඟ වූ බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය හමුවේ පසුගිය සිකුරාදා තෙල් මිල වාර්තාගත ලෙස පහත වැටුණා.
එහෙත් එම ප්‍රකාශය "කල් පූර්ව වැඩි" එකක් බව කැවොනික් පෙන්වා දෙන්නේ.
නෞකා හිමියන් මෙම මාර්ගයේ ගමන් කිරීමට පෙර එහි ආරක්ෂාව පිළිබඳව දැඩි අවිශ්වාසයකින් පසුවන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

Latest News
ප්‍රධාන ගංගාවල ජල මට්ටම ඉහළ ගියද ගංවතුර අවදානමක් නෑ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
Local
16 September 2026
ඉරාන යුද්ධයට අමෙරිකාව වැය කළ මුදල ඩොලර් බිලියන 38ක්
Local
16 September 2026
පසුගිය වසරේ රැකියා විරහිතභාවයේ ප්‍රතිශතය සියයට 3.9%ක්
Local
16 September 2026
තැපැල් ඡන්ද තීන්දුවෙන් පසු ට්‍රම්ප්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැඩි විවේචන
Local
16 September 2026
සම්පත් බැංකුව නිලාවේලි , ත්‍රිකුණාමලය හා පාසිකුඩාවල හෝටල් දේපල තුනක් අත්පත් කරගනී
Local
16 September 2026
එළැඹෙන 24 වැනිදා FCIDයට කැඳවීමක් තිබියදී ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි
Local
16 September 2026
දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ
Local
16 September 2026
නාමල් අද අධිකරණයට
Local
16 September 2026
ප්‍රදේශ කිහිපයකට මි. මී 75ක පමණ තරමක තද වැසි
Local
16 September 2026
කළුතරදී දුම්රියේ ගැටී කාන්තාවන් දෙදෙනෙකු මරුට
Local
16 September 2026