නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් තුන්සියයකට (1,300) අධික තොගයක් කල්පිටිය, කුඩාව ප්‍රදේශයේදී සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා.
නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව පසුගිය (18) වැනිදා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම වැටලීම සිදු කර තිබෙනවා.
වයඹ නාවික විධානයේ ‘ශ්‍රී ලංකා නාවික නෞකා විජය’ ආයතනය මඟින් ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී, කුඩාව ප්‍රදේශයේ පිහිටි ළඳු කැලෑවක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී ජාවාරම්කරුවන් විසින් ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ සැකකටයුතු උර 42ක් සොයාගත් අතර, ඒවා පරීක්ෂා කිරීමේදී බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1,302ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව පවසන්නේ.
මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන්නට ඇතැයි සැක කෙරෙන මෙම බීඩි කොළ තොගය, ජාවාරම්කරුවන් විසින් පසුව බෙදාහැරීමේ අරමුණින් මෙලෙස සඟවා තබන්නට ඇති බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.
නාවික හමුදා භාරයට ගත් මෙම බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.
Latest News
එයාර් බස් ගණුදෙනුව ගැන සොයන්න CID සහ අල්ලස් නිලධාරීන් පිරිසක් ඕස්ට්‍රේලියාවට
Local
21 July 2026
යේමනයේ හවුතිවරු සෞදි අරාබියට එරෙහිව 'සාගර සම්බාධක' ප්‍රකාශයට පත් කරයි
Local
21 July 2026
ශ්‍රී ලංකන් කුවේට් ගුවන් ගමන් සතියකට අත්හිටුවයි
Local
21 July 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
21 July 2026
ජාතික හැඳුනුම්පත නැති අයටත් අනිද්දාට පෙර සාමාන්‍ය පෙළට අයදුම් කිරීමට අවස්ථාව
Local
21 July 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී නාඳුනන යාත්‍රාවක ගැටීමෙන් තෙල් නෞකාවකට හානි
Local
21 July 2026
අමෙරිකානු හමුදාවෙන් ඉරානයට එරෙහිව අඛණ්ඩව 10 වැනි දිනටත් ප්‍රහාර
Local
21 July 2026
ට්‍රම්ප් කැනඩාවට 50%ක බදු පනවයි
Local
21 July 2026
මීරිගම විදුලි උපකරණ අලෙවිසැලක හදිසි ගින්නක්
Local
20 July 2026
පරාජය හමුවේ ආජන්ටිනාවේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට
Local
20 July 2026