සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයට ලබාගත් සත්මහල් ගොඩනැගිල්ලක කුලී මුදල් ගෙවීමේ චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදීමේ කටයුතු කරදීම සඳහා රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගත්තේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන ලිපිකරුවකු වන ආපනශාලා හිමිකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (21) නියෝග කළා.
සැකකරු ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද නියෝග කළා.
අල්ලස් කොමිසම විසින් අමාත්‍යාංශ ආපනශාලා පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගත් බණ්ඩාරගම පදිංචි උක්වත්තගේ ඩග්ලස් නමැති සැකකරුවකු මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ 2018 වර්ෂයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට කුලියට ලබාගෙන තිබූ තට්ටු හතක ගොඩනැගිල්ලක් සඳහා මාසිකව කුලී මුදල් ගෙවීමේදී රුපියල් කෝටි දෙකක අල්ලසක් චෙක්පත් 7ක් මගින් ලබා ගැනීමේ සැකයට සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.
සැකකරු අදාල අමාත්‍යාංශයේ ප්‍රධාන ලිපිකරුවකු ව සිට විශ්‍රාම ගිය පසුව අමාත්‍යාංශයේ ආපනශාලා හිමිකරු වී ඇති බවද, රුපියල් ලක්ෂ පන්සීයකට ආසන්න වටිනාකමින් යුත් කුලී මුදල් චෙක්පත් පැමිණිලිකරුට ලබාදීමේදී ලක්ෂ විසි පහ බැගින් මෙම අල්ලස් මුදල් ලබාගෙන ඇති බවද කරුණු ඉදිරිපත් කළා.
2023,2024 හා2025 වර්ෂ වලට අදාල එම චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදීමට එක් අවස්ථාවකදී ලක්ෂ විසිපහ ඛැගින් වූ මුදලක් සැකකරුට ලබා දුන් බවට විමර්ශන මගින් කරුණු අනාවරණය වී ඇති බවද කරුණු ඉදිරිපත් කර ඇත. සැකකරු විසින් අදාල චෙක්පත් වෙනත් පුද්ගලයින් හරහා බැංකු මගින් මාරු කරගෙන ඇති බවත්, එම සාක්ෂිකාර පුද්ගලයින්ට සැකකරුගෙන් බලපෑම් ඇති විය හැකි බැවින් විමර්ශන අවසන් වන තෙක් බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා විසින් කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවා.

Latest News
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
Local
21 July 2026
ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පතට කථානායකගෙන් සහතිකය
Local
21 July 2026
''ස්පාඤ්ඤය හමුවේ ලද ලෝක කුසලාන පරාජය දැඩි වේදනාවක්'' - මෙසීගෙන් සංවේදී සටහනක්
Local
21 July 2026
මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකයෙන් මූල්‍ය සහ ව්‍යාපාරික ආයතන 11කට රුපියල් කෝටි එකහමාරකට ආසන්න දඩ
Local
21 July 2026
යුරෝපා සංගමයේ නව තිරසාර පාරිසරික නීති හමුවේ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට හදිසි අනතුරු ඇඟවීමක්
Local
21 July 2026
රුපියල අදත් ඩොලරයට තැන දෙයි ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.94
Local
21 July 2026
කරන්දෙණිය අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ වැඩ තහනම්
Local
21 July 2026
හෝමාගම ගින්න පාලනය කිරීමට ගිනි නිවීම් රථ 6ක් යොදවයි
Local
21 July 2026
කතරගම දේවාලයේ 07 වැනි පෙරහැර අදයි
Local
21 July 2026
හෝමාගම කාර්මික කලාපයේ හෙල්මට් නිෂ්පාදන කම්හලක ගින්නක්
Local
21 July 2026