General21 July 2026

ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පතට කථානායකගෙන් සහතිකය

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (21) සිය සහතිකය සටහන් කළා. ‍

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2026 අංක 15 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත ලෙස අද (21) සිට බලාත්මක වන බවයි සඳහන් වන්නේ.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මෙන්ම 1988 අංක 56 සහ 2000 අංක 53 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත් මඟින් මෙරට පාරිසරික ආරක්ෂාව සැලකිය යුතු ලෙස ශක්තිමත් කර තිබුණා.

කෙසේ වෙතත්, වර්තමාන පාරිසරික හා ආයතනික අභියෝගවලට මුහුණ දීම සඳහා දැනට පවතින න්‍යායාත්මක හා නීතිමය රාමුව ප්‍රමාණවත් නොවන බව සැලකිල්ලට ගනිමින් මෙම නව සංශෝධන පනත හඳුන්වා දී තිබෙනවා.

මෙම නව පනත මඟින් පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය සහ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව තවදුරටත් ශක්තිමත් කෙරෙනවා.

එමෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධ නියාමන ක්‍රමවේද වැඩිදියුණු කිරීම සහ පාරිසරික ආරක්ෂාව සඳහා භාවිත වන යාන්ත්‍රණයන් නවීකරණය කිරීමද මෙහි ප්‍රධාන අරමුණු අතර වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂ සමන්ත මල්ලවආරච්චි සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes