වොෂින්ටන් හි පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර වෙඩි තැබීමට උත්සාහ කළ පුද්ගලයා දකුණු කැලිෆෝනියාවේ පදිංචි ගුරුවරයෙකු සහ පරිගණක ක්‍රීඩා නිර්මාණකරුවෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහිදී අත්අඩංගුවට ගත් 31 හැවිරිදි සැකකරුගේ ලින්ක්ඩ්ඉන් (LinkedIn) ගිණුමට අනුව ඔහු 'C2 Education' නැමැති උපකාරක පන්ති ආයතනයක අර්ධකාලීන ගුරුවරයෙකු ලෙස සේවය කර ඇති අතර, ඔහු 2024 දෙසැම්බර් මාසයේදී එම ආයතනයේ "මාසයේ හොඳම ගුරුවරයා" ලෙසද තේරී පත්ව සිටි බවයි CNN පුවත් සේවය වාර්තා කරන්නේ.
ඔහු 2017 වසරේදී කැලිෆෝනියා තාක්ෂණික ආයතනයෙන් (Caltech) යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර, පසුගිය වසරේදී පරිගණක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ඇති බවත් එම වාර්තාවේ සඳහන්.
එමෙන්ම, ඔහු ස්වාධීන පරිගණක ක්‍රීඩා නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර, 'Bohrdom' නමින් පරිගණක ක්‍රීඩාවක් ප්‍රසිද්ධ වෙළඳපොළට (Steam) ඉදිරිපත් කර ඇති බවත්, ඔහු 'First Law' නමින් දෙවන පරිගණක ක්‍රීඩාවක් ද නිර්මාණය කරමින් සිට ඇති බවත් වාර්තා වන බවයි එම ප්‍රවෘත්තියේ දැක්වෙන්නේ.
ෆෙඩරල් මැතිවරණ කොමිසමේ වාර්තාවලට අනුව, ඔහු 2024 ඔක්තෝබර් මාසයේදී කමලා හැරිස්ගේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය සඳහා ඩොලර් 25ක මුදලක් පරිත්‍යාග කර තිබෙන බවයි එහි සඳහන්.
කෙසේනමුත්, ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, රහස් ඔත්තු සේවා සහ එෆ්.බී.අයි (FBI) ආයතනය එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.
මූලාශ්‍රය | CNN

Latest News
ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළට
Local
31 July 2026
බෝලවලානේදී කන්ටේනරයට ගිනි තැබූ තිදෙනා අගෝස්තු 03 දක්වා රිමාන්ඩ්
Local
31 July 2026
කඩවත සරුංගල් යැවූ තරුණයෙකුට පිහි ඇනුමක් - තිදෙනෙක් දැලේ
Local
31 July 2026
වැඩි මිලට වතුර බෝතල් විකුණූ දුම්රිය භෝජනාගාර ආයතනයකට ලක්ෂ 5ක දඩයක්
Local
31 July 2026
නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ
Local
31 July 2026
තීරණාත්මක නඩු තීන්දුවට මුහුණ දෙන්න හේමසිරි සහ පූජිත් අධිකරණයට එති
Local
31 July 2026
එල් නිනෝ බලපෑම දැඩි වෙයි: දිස්ත්‍රික්ක කිහිපයකට ජල හිඟ අනතුරු ඇඟවීම්
Local
31 July 2026
රුපියල ටිකක් හිනැහෙයි ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.33යි
Local
31 July 2026
ජපානයේ ටෝකියෝ නගරයේ උද්ධමනය ජූලි මාසයේදී ඉහළට
Local
31 July 2026
නේෂන් ලංකා ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම හෙට සිට
Local
31 July 2026