International31 July 2026

ගාසා තීරයේ සියලු සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීමට ඓතිහාසික එකඟතාවක් - ට්‍රම්ප්

ගාසා තීරයේ සියලු සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීම සඳහා “සාම මණ්ඩලය” ඓතිහාසික එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සඳහන් කර ඇත්තේ, මෙම එකඟතාව ගාසා තීරයේ ස්ථිර සාමය සහ ආරක්ෂාව ස්ථාපිත කිරීම සඳහා ගත් දැවැන්ත පියවරක් බවයි.

එය ට්‍රම්ප්ගේ “20-කරුණු සැලැස්ම” ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙසද ඔහු හඳුන්වා දී තිබෙනවා.

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට අනුව, නිරායුධ කිරීම ක්‍රියාත්මක කරනු ලබන්නේ සැලසුම්ගත අදියර කිහිපයක් යටතේ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එම ක්‍රියාවලිය සම්පූර්ණ වන විට ඊශ්‍රායල් හමුදා ගාසා තීරයෙන් ඉවත් කරනු ඇති අතර, ජාත්‍යන්තර ස්ථායීකරණ බලකායක් නව පලස්තීන පොලිස් බලකායක් සමග එක්ව ගාසා වැසියන්ගේ සහ අසල්වැසි ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම භාර ගනු ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes