General27 April 2026

අකුණු සැර වැදී ගොවීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

අකුණු සැර වැදීමකින් ගොවීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉපලෝගම පොලිසිය පවසනවා.

කලාවැව සහ විජිතපුර ප්‍රදේශවලට ඇදහැළුණු වර්ෂාවත් සමඟ අද (27) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

වගා බිම්වල බිම් සැකසීමේ කටයුතුවල නිරතව සිටියදී ඔවුන් මෙම අකුණු ප්‍රහාරයට ලක්ව ඇති බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිදුවීමෙන් මියගොස් ඇත්තේ ජෙමාල්දීන් බදූර්දීන් (50) සහ ජැක්සන් සේනාරත්න (49) යන විජිතපුර ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසිය විමර්ශන සිදුකරනවා.
Related recommendation
Hiru TV News | Programmes