International28 April 2026

එක්සත් අරාබි එමීරය OPEC සංවිධානයෙන් ඉවත් වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ලෝක තෙල් අපනයනය කරන රටවල සංවිධානය හෙවත් 'ඔපෙක්' (OPEC) සහ 'ඔපෙක් ප්ලස්' (OPEC+) සන්ධානයෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

දශක පහකට අධික කාලයක් එම සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ එමීර් රාජ්‍යයේ මෙම තීරණය ලබන මැයි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඉරානය සමඟ පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ අනෙකුත් අරාබි රටවල් තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා නොදීම පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යය කලකිරීමට පත්ව ඇති බවයි.

විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින තෙල් ප්‍රවාහන අවහිරතා සහ ඉරාන ප්‍රහාර හමුවේ කලාපීය සන්ධානවල දුර්වල ක්‍රියාකාරිත්වය මෙම තීරණයට බලපා ඇති බවද එම වාර්තාවල සඳහන්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල පුවත් ඒජන්සිය වන WAM වාර්තා කරන පරිදි, මෙම තීරණය ගෙන ඇත්තේ එරට ජාතික අවශ්‍යතා සහ අනාගත බලශක්ති උපායමාර්ගයන් පිළිබඳව සිදුකළ පුළුල් සමාලෝචනයකින් පසුවයි.
Related Recommends
Hiru TV News | Programmes