General29 April 2026

මැදපෙරදිග අර්බුද හමුවේ බොර තෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (29) දිනයේත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් තවදුරටත් දිග්ගැස්සීමේ අවදානම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් (OPEC) සංවිධානයෙන් ඉවත් වීමට සූදානම් වීම යන කරුණු මෙම මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

නවතම වෙළඳපොළ දත්තවලට අනුව බොරතෙල් මිල ගණන් සටහන් වන්නේ මෙසේයි.

WTI බොරතෙල් (NYMEX WTI): මිල 3.61% කින් ඉහළ ගොස් ඇති අතර එය බැරලයක් ඇමරිකානු ඩොලර් 103.54 ක් ලෙස සටහන් වෙනවා.

බ්‍රෙන්ට් බොරතෙල් (ICE Brent Crude): මිල 3.22% කින් ඉහළ ගොස් ඇති අතර එය බැරලයක් ඩොලර් 114.84ක් ලෙසයි සටහන් වූයේ.

මෙම මිල ඉහළ යාම කෙරෙහි එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෙල් අපනයනය කරන රටවල සංවිධානයෙන් (OPEC) ඉවත් වීමේ හැකියාව පිළිබඳ පුවත තීරණාත්මක බලපෑමක් එල්ල කර ඇති බවයි ආර්ථික විශ්ලේෂකයෝ පවසන්නේ.

තෙල් මිල ඉහළ ගියද, ලෝක වෙළඳපොළේ රත්‍රන් මිලෙහි සුළු පහත වැටීමක් දක්නට ලැබෙනවා.

COMEX Gold මිල 0.76% කින් පහත වැටී ඇති අතර එය අවුන්සයක් ඩොලර් 4,573.60 ක් ලෙස සටහන් වෙනවා.

මේ අතර බඩඉරිඟු මිල (CBOT Co) 0.26% ක සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ඉදිරි දිනවලදී බලශක්ති මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවට වෙළඳපොළ අනාවැකි පළ කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes