General29 April 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පත් කර තිබෙනවා.

මෙම පත් කිරීම සිදු කර ඇත්තේ ක්‍රිකට් ආයතනයේ ඉදිරි පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා බවයි වාර්තා වන්නේ.

වෘත්තියෙන් බැංකුකරුවෙකු වන එරාන් වික්‍රමරත්න මීට පෙරද ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කළ අයෙක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යුහාත්මක වෙනසක් සිදු කිරීම සඳහා මෙම අතුරු පාලක කමිටුව හරහා ඉදිරියේදී පියවර ගනු ඇති.

එහි නව සභාපති  සමග පත්වූ සාමාජිකයින් අතර පහත පිරිස නම් කර තිබෙනවා.

රොෂාන් මහානාම (හිටපු ක්‍රිකට් ක්‍රීඩක) කුමාර් සංගක්කාර (හිටපු ක්‍රිකට් ක්‍රීඩක) සිදත් වෙත්තමුණි (හිටපු ක්‍රිකට් ක්‍රීඩක) තුෂිර රදැල්ල, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම (නීතිඥ) දිනාල් පිලිප්ස් (ජනාධිපති නීතිඥ)

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ විනිවිදභාවය සහ ඉදිරි උපායමාර්ගික වෙනස්කම් සිදු කිරීම සඳහා මෙම ප්‍රබල කමිටුව පත් කර ඇති බව සඳහන්.

ක්‍රිඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රධානත්වයෙන් ක්‍රිඩා අමාත්‍යංශයේදි අද (29) පස්වරැවේ මෙම පත් වීම් සිදුකර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes