General30 April 2026

කාර්යාල බස් රථයකට බෝතල් ප්‍රහාරයක්

කුරුණෑගල සිට කල්පිටිය දක්වා ගමන් කරන කාර්යාල බස් රථයට කල්අඩිය පාලවිය මාර්ගයේදි එල්ල වු බෝතල් ප්‍රහාරයකින් රියදුරුගේ මුහුණට හා ඇසකට තුවාල සිදුව ඇතැයි පොලිසිය පවසනවා.

රියදුරා දැඩි පරිශ්‍රයක් දරා බස් රථය නවතා ගැනිම නිසා එහි ගමන් කල 50කට ආසන්න ගුරුවරුන් ඇතුළු පිරිසකගේ ජීවිත අනතුරකින් තොරව බේරා ගැනිමට හැකිව ඇති බවයි පුත්තලම මුලස්ථාන පොලිසිය සඳහන් කළේ.

කල්අඩිය මාර්ගයේදී මාර්ගය අසල සිටි තරුණයන් දෙදෙනෙකු වැලි පිරවු බෝතලයකින් මෙලෙස බස් රථයේ ඉදිරිපස විදුරුවට ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් එහිදි විදුරුව සිදුරු කරගෙන ගොස් බෝතල් ප්‍රහාරය රියදුරාගේ මුහුණේ වැදි ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes