General16 July 2026

නවගමුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා මරුට

නවගමුව වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ප්‍රථිකාර සඳහා හෝමාගම රෝහල වෙත ඇතුළත් කළ තරුණයා ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචිමාර්ග පවසනවා.

අද (16) පස්වරුවේ නවගමුව පොලිස් වසමට අයත් වඳුරම්මුල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් කඩුවෙල පදිංචි ගින්හලුගේ භාෂන ප්‍රගීත් ඒෂාන් නමැත්තෙකු තුවාල ලබා රෝහල්ගත කළා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 25ක වැලිහිද පාර, කඩුවෙල පදිංචි අයෙක්.
Related recommendation
Hiru TV News | Programmes