General30 April 2026

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක සිද්ධියට වැඩ තහනමට ලක්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි හානිකර ගනී

මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ, ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය, පහළ වීරඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි රංග නිශාන්ත රාජපක්ෂ නමැති 50 හැවිරිදි දෙදරු පියෙක්.

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිදුවීමට අදාලව මොහු ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පසුගියදා මුදල් අමාත්‍යාංශය තීරණය කළා.

සිදුවූ මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති අතර, ඔහු කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකුද වනවා.

Related recommendation
Hiru TV News | Programmes