නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළඳසලකට භාණ්ඩ රැගෙන ආ කන්ටේනර් රථයකට යටවීමෙන් එහි සහායකයා අවාසනාවන්ත ලෙස අද (01) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.
පොලිසිය පවසන පරිදි, කුරුණෑගල ප්‍රදේශයේ සිට අදාළ සුපිරි වෙළඳසලට ආහාර ද්‍රව්‍ය රැගෙන පැමිණි මෙම කන්ටේනර් රථය, එහි ගබඩාව වෙත ඇතුළු කිරීම සඳහා ප්‍රධාන මාර්ගයේ සිට පසුපසට (Reverse) ධාවනය කර තිබෙනවා.
එම අවස්ථාවේදී රථයේ සහායකයා ලෙස කටයුතු කළ තරුණයා, රථයේ පසුපස කොටස සහ ගබඩාවේ බිත්තිය අතර වූ පටු ඉඩෙහි සිරවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව, බරපතළ තුවාල ලැබූ ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය රිය සහායකයා වයස අවුරුදු 24ක් වන අයෙක් බවත්, ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවත් නාවලපිටිය පොලිසිය සඳහන් කළා.

Latest News
පරාජය හමුවේ ආජන්ටිනාවේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට
Local
20 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන නීතිඥ සංගමය, අධිකරණ ඇමතිට දෙවන වරටත් ලියයි
Local
20 July 2026
2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
Local
20 July 2026
මුදල් කොමිෂන් සභාවට නව සභාපතිවරියක් සහ සාමාජිකයින් පත් කෙරේ
Local
20 July 2026
වාහන තුනක් එකට ගැටී අනතුරක්: දෙදෙනෙක් රෝහලේ
Local
20 July 2026
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පොලිස් ආචාර වෙඩිමුර මැද අවසන් ගමන් යයි
Local
20 July 2026
හිටපු පොලිස්පතිගේ මරණය: ගිනි අවිය ඇතුළු නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යැවීම සඳහා ඉදිරිපත් කරන්න - අධිකරණයෙන් පොලිසියට නියෝග
Local
20 July 2026
කාන්තාවක් සමග පැවැත්වූ සබඳතාවක් හේතුවෙන් සිංගප්පූරු ඉස්ලාම් කටයුතු ඇමති ඉල්ලා අස්වෙයි
Local
20 July 2026
නවදිල්ලි නුවර ශ්‍රී ලාංකේය ආහාර උළෙලක්: දේශීය රසයන්ගෙන් ඉන්දීය වැසියන් පිනවයි
Local
20 July 2026
ලංකා IOC ආදායම 47%කින් ඉහළට : කාර්තුමය ලාභය 34%කින් පහළට
Local
20 July 2026