ඉන්දියාවේ රාන්චි ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි පිහිනුම් ක්‍රීඩක ඉෂාන්ක්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින අභියෝගාත්මක මුහුදු සීමාව තරණය කරමින් ඉතා කුඩා වයසින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.
රාන්චි හි ධුර්වා ප්‍රදේශයේ පදිංචි මෙම දක්ෂ පිහිනුම් ක්‍රීඩකයා, ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා කිලෝමීටර් 29කට ආසන්න දුරක් පෝක් සමුද්‍ර සන්ධිය හරහා පැය 9යි මිනිත්තු 50ක් වැනි කෙටි කාලයකින් පිහිනා යමින් මෙම ඉතිහාසගත ජයග්‍රහණය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව, මෙම මුහුදු මාර්ගය තරණය කළ ලොව ලාබාලතම පිහිනුම් ක්‍රීඩකයා ලෙස ඔහු නව ලෝක වාර්තාවකට හිමිකම් කියන බවයි වාර්තා වෙන්නේ.
ඊයේ (30) දින අත්කරගත් මෙම ජයග්‍රහණය, ඔහුගේ දැඩි විනය, කැපවීම සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් බවයි බොහෝ දෙනෙක් පවසන්නේ.
ඔහුගේ මෙම සුවිශේෂී දක්ෂතාව වෙනුවෙන් "විශ්ව වාර්තා සංසදය" (Universal Records Forum) මගින් "පෝක් සමුද්‍ර සන්ධිය තරණය කළ ලාබාලතම සහ වේගවත්ම පිහිනුම් ක්‍රීඩකයා" යන ලෝක වාර්තා සහතිකය පිරිනමා තිබෙනවා.
මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉෂාන්ක් දිනකට පැය 4ක් 5ක් පමණ ධුර්වා වේල්ලේ පුහුණුවීම් සිදු කර ඇති අතර, ඔහුගේ පුහුණුකරුවන් වන අමන් කුමාර් ජයිස්වාල් සහ බජ්රං කුමාර් යටතේ විශේෂ පුහුණුවක් ලබා ඇති බව සඳහන්.
රාන්චි හි DAV ශ්‍යාමලී පාසලේ 3 වන වසරේ ඉගෙනුම ලබන ඉෂාන්ක්ගේ ජයග්‍රහණය පිළිබඳව එම පාසලේ විදුහල්පතිවරයා මහත් අභිමානයෙන් අදහස් දක්වා තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ මෙතරම් කුඩා වයසකදී රළු මුහුදු තත්ත්වයන්ට මුහුණ දෙමින් ලෝක වාර්තාවක් පිහිටුවීම අසාමාන්‍ය ධෛර්යයක් බවයි.
නිසි මගපෙන්වීම සහ කැපවීම තුළින් ඕනෑම ඉලක්කයක් ජය ගත හැකි බව ඉෂාන්ක් ඔප්පු කර ඇති අතර, ඔහුගේ මෙම නිර්භීත ක්‍රියාව සෙසු සිසුන්ට ද මහත් ආදර්ශයක් වනු ඇති බව විදුහල්පතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Latest News
''තෙල් මිල වැඩි වෙන්න පුළුවන් '- ජනපති කියයි
Local
01 May 2026
සහකාර අධ්යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය කරයි
Local
01 May 2026
"දැන් කමිටු අවශ්‍ය නෑ.. සජබ - එජාපය එකතුවෙලා හමාරයි" - විපක්ෂ නායක සජිත්
Local
01 May 2026
රුමේෂ් තරංග ලෝකයෙන්ම 7වැනි තැනට
Local
01 May 2026
බළල් පවුලේ සතුන් සුරැකීමේ ජාත්‍යන්තර සන්ධානයට ශ්‍රී ලංකාව එක්වෙයි
Local
01 May 2026
ඉරානය පාකිස්ථාන මැදිහත්කරුවන් වෙත නව යෝජනාවක් ඉදිරිපත් කරයි
Local
01 May 2026
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ අවුරුදු 07 පුංචි වීරයා
Local
01 May 2026
කළුතර දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්
Local
01 May 2026
නිව්යෝර්ක් ගුවන් තොටුපොළේදී බාරදුන් ඔස්කාර් සම්මානය ජර්මනියේදී අතුරුදන් : සම්මානය සොයා විමර්ශන ඇරඹේ
Local
01 May 2026
ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් පහළට
Local
01 May 2026