General03 May 2026

මොරටුවැල්ලේ මහා පරිමාණ ගංජා ජාවාරම්කාරියක් STF දැලට

මොරටුව ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි "ශ්‍රීනාත්" නමැති ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයකු ලෙස කටයුතු කළ කාන්තාවක කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට පොලිස් ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.

විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ (I) නිලධාරීන් කණ්ඩායමක් විසින් මොරටුව, මොරටුවැල්ල, ක්ලෝවියස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා මෙම වැටලීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ ගණනක් වටිනා කේරළ ගංජා කිලෝ 01 යි ග්‍රෑම් 150 ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක්.

ඇය මොරටු වැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශ්‍රීනාත් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවමින් ප්‍රදේශය පුරා ගංජා බෙදාහැරීමේ නිරතව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ති‍බෙනවා.

සැකකාරිය සහ ගංජා තොගය වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා මොරටුව පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිසිය පැවසුවේ.
Related recommendation
Hiru TV News | Programmes