වතුකරයේ ජනතාවගේ ආරක්ෂාව, ඉඩම් අයිතිය සහ අනෙකුත් ජාතීන්ට හිමි සමාන අයිතිවාසිකම් ලබාදෙන ලෙස බල කරමින් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අද (03) හැටන් නගරයේදී විරෝධතාවයක නිරත වුණා.
අප වාර්තාකරු පැවසුවේ, කඳුරට ජනතා පෙරමුණ විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවය “ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති” යන සටන් පාඨය පෙරදැරි කරගනිමින් පැය තුනකට ආසන්න කාලයක් පුරා පැවති බවයි.
රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ පෞද්ගලික වතු සමාගමකට අයත් නීළගම වතුයායේ වතු කම්කරුවන් විසින් ඉදිකරන ලද තාවකාලික නිවාස එම සමාගමේ ආරක්ෂක නිලධාරීන් විසින් කඩා විනාශ කිරීමේ සිද්ධිය මෙම විරෝධතාවයට මූලික හේතුව වී තිබෙනවා.
විරෝධතාවයට එක්වූ ක්‍රියාකාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, වතුකරය තුළ මෙවැනි සිදුවීම් තවදුරටත් වීමට ඉඩ නොදෙන බවයි.
එළඹෙන (05) වනදා වතුකරයේ තරුණ ප්‍රජාව ඒකරාශී කරගනිමින් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී මෙවැනිම විරෝධතාවක් පවත්වන බවද සිවිල් ක්‍රියාකාරීන් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළ බව අප වාර්තාකරු පවසනවා.

Latest News
මාලදිවයින් ජනපතිවරයා දිවයිනට පැමිණෙයි
Local
03 May 2026
විශ්‍රාමික හමුදා සෙබළෙකුගෙන් ලක්ෂ ගණනක අල්ලසක් ගත්තැයි ලාන්ස් කෝප්‍රල්වරයෙක් රිමාන්ඩ්
Local
03 May 2026
මොරටුවැල්ලේ මහා පරිමාණ ගංජා ජාවාරම්කාරියක් STF දැලට
Local
03 May 2026
“ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති” : කඳුරට ජනතා පෙරමුණ පාරට බසී
Local
03 May 2026
සුඛෝපභෝගී රථවලින් මත්ද්‍රව්‍ය බෙදූ මහනුවර ප්‍රධාන ජාවාරම්කරුවෙක් කොටු
Local
03 May 2026
ශ්‍රී ලංකා හමුදාවේ සහ පොලීසියේ 1000ක් හයිටි සාම සාධක සේවයට
Local
03 May 2026
වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට
Local
03 May 2026
දිල්ලියේ නිවාස සංකිීර්ණයක ගින්නක් : 09 දෙනෙකු ජීවිතක්ෂයට
Local
03 May 2026
අමෙරිකානු හමුදා ඉවත් කරගැනීමේ තීරණය කළින්ම අපේක්ෂා කළ එකක්: ජර්මනිය
Local
03 May 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ජූනි මාසයේදී
Local
03 May 2026