General03 May 2026

භාණ්ඩාගාර මුදල් වංචාව ගැන ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්

අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් තුන්වැනි පාර්ශවයක් අතට පත්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සියලු‍ විමර්ශන කටයුතු සිදු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම හා සම්බන්ධවෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, මහා භාණ්ඩාගාරයේ ආන්දෝලනාත්මක මුදල් ගණුදෙණුව සම්බන්ධයෙන් එළඹෙන පාර්ලිමේන්තු සැසියේදී රජයේ ගිණුම් පිළිබඳ කාරකසභාවේ විවෘත රැස්වීමක් කැඳවා විගණකාධිපතිවරයා සමඟ පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් වෙත ලිපියක් යොමුකරමින් ඒම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති මුදල් බලතල අනුව මෙම සිද්ධියේදී පාර්ලිමේන්තුවට මීට වඩා කාර්යභාරයක් ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes