මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවැනි පාර්ශවයක් අතට පත්වූ බව කියන සිද්ධිය මහා හොරකමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ, අද (05) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට මූල්‍ය කළමනාකරණය පිළිබඳ නිසි පළපුරුද්දක් නොමැති බවත්, දක්ෂ පරිපාලන නිලධාරීන් වෙනුවට වෙනත් සේවාවල පිරිස් මෙවැනි තනතුරුවලට පත් කිරීමෙන් පද්ධතිය අඩපණ වී ඇති බවත්, ඔහු සඳහන් කරනවා.
එසේම ද්විපාර්ශ්වික ණය සාකච්ඡා සඳහා පමණක් මැදිහත් විය හැකි විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, මෙම ගනුදෙනුවට සම්බන්ධ වූයේ ඇයිද යන්න පිළිබඳව මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළා.
රජයේ ණය සේවාකරණය සිදුවිය යුත්තේ ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව හරහා වුවද මෙහිදී එම ක්‍රියාවලිය පැටලැවිල්ලකට ඇති බව ඔහු සඳහන් කරනවා.
එහිදී වැඩිදුරටත් ඔහු මෙසේද පැවසුවා,
''මෙතන මහා ලොකු හොරකමක් වෙලා තියෙනවා. ඩොලර් ලක්ෂ ගාණක් නැතිවෙලා තියෙනවා. ඒක අවසානයේදී ගෙවන්න වෙන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවට. වෙන කාටවත් නෙවෙයි. පැලවත්තෙන් ගේන්නේ නැහැ. නමුත් මට කියන්න තියෙන ප්‍රධාන දේ තමයි මුදල් ඇමතිතුමා කලින් මුදල් ඇමතිතුමා, නියෝජ්‍ය ඇමතිතුමා විස්තර කරනකොට ඔහු නිකන් කියාගෙන ගියා මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේක සාමාන්‍ය දෙයක් වගේ. එහෙම නෙමෙයි. මම මගේ සාමාජිකයන්ට කියලා තිබුණා අපි ක්ලෝස් ඩෝ සෙෂන් එකක් කරපු නිසා ඒ ඉදිරිපත් කරපු කරුණු තාම ජනතාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සංක්ෂිප්තයක් වශයෙන් විතරයි. හරි. නමුත් ඒකේ කියවෙච්ච දේවල්වලට අනුව අපිට තේරෙනවා මෙතන දැවැන්ත ක්‍රියාදාමයේ අවුල් මහා රාශියක් තියෙනවා. මහා ගොඩක් තියෙනවා.
දැන් උදාහරණයක් හැටියට මොනවටද විදේශ සම්පත් දෙපාර්තමේන්තුවකට මේකට සම්බන්ධ උනේ? ඇයි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට මේ ගනුදෙනුවට කිසිම සම්බන්ධයක් නෑ. මේ තියෙන්නේ පනත. මේ පනතේ ඉතාමත්ම පැහැදිලිව තියෙනවා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය හැක්කේ ද්විපාර්ශ්වික ණය ගැනීම සඳහා සාකච්ඡා කිරීම සඳහා පමණයි. ඊළඟ කියනවා ණය පනතට අනුකූලව කාලීනව ආණ්ඩුවේ ණය සේවාකරණය සිදුකල යුත්තේ ණය කළමනාකරණය දෙපාර්තමේන්තුව හරහා. එතකොට ඇයි මේ පටලැවිල්ල දැන් මෙතන ලොකු ගැටළුවක් තියෙනවා ඒ තමයි මේ කට්ටිය මොනවද කරන්නේ කියලා මේ කට්ටිය දන්නෙත් නෑ. මේ එල් බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා. හරි. අනිත් එක තමයි සාමාන්‍යයෙන් මේ වගේ තනතුරු වලට එන්නේ එස් එල් ඒ එස් එකේ පුද්ගලයෝ ඒගොල්ලෝ තැන් තිහක හතලිහක වැඩ කරලා තමයි මුදල් අමාත්‍යංශයේ වගේ තැනකට එන්නේ. දැන් මේ කරලා තියෙන්නේ අපොන්සුකරණය කියලා හැමෝම දන්නවා. අපොන්සුකරණයේදී මොකක්ද වෙන්නේ? ප්ලැනින් සර්විස් එකේ කට්ටිය මේ තැන් වලට දාලා තියෙනවා.
මම අභියෝග කරනවා පුළුවන්නම් කියන්න. මම වැරදිනම් සමහරවිට වැරදි වෙන්න පුළුවන්. හැබැයි මං දන්න විදියට එකයි, ඩී ජී පී ඩී එම් ඕ එකයි ඩී ජී ඊ යාඩ් එකයි දෙන්නම ප්ලැනින් සර්විස් එකේ කට්ටිය. ප්ලැනින් සර්විස් එකේ කට්ටියට මේ අවශ්‍ය එක්පිරියන්ස් එක කොහොම නෑ එතකොට භාණ්ඩාගාරයේ ලේකම්තුමාත් ලංකාවේ ඉතිහාසයට ප්‍රථම වතාවට මෙතන වාඩිවෙලා හිටපු මන්ත්‍රී කෙනෙක්. හරි ඔහුටත් මේ කළමනාකරණය පිළිබඳව එක්ස්පිරියන්ස් එකක් නෑ.
මම දන්නවා මං මේක පත් වුනහම ඇත්ත වශයෙන්ම අපි ආණ්ඩුවේ ඉන්නකොට මම නියෝජ්‍ය ඇමති හැටියට මම තමයි එස් සී සී එකේ වැඩ බැලුවේ. එතකොට එස් සී සී එකේ හිටපු අධ්‍යක්ෂකලා මං හිතන්නේ දහයක්, පහළොවක් ඉන්න ඇති. ඒ කට්ටියගෙන් එක්කෙනෙක් හැටියට තමයි මෙතුමා වැඩ කරලා තියෙන්නේ. හරි ද? එතනින් පස්සේ මුදල් අමාත්‍යංශයේ ලේකම් කියන්නේ ඉතාමත්ම ලොකු කාර්යභාරයක් සිද්ධ කළ යුතු පුද්ගලයෙක්. එතකොට සේකට්‍රිටත් නැත්නම් මේ පළපුරුද්ද ඩී ජීලටත් නැත්නම් ඉතින් මේකේ වෙන දේවල් ගැන අහන්න දෙයක් නැහැ.
අනිත් එක තමයි ඩෙලිගේෂන් ඔෆ් ඔතෝරිටි කියලා තියෙනවා. ඒ කියන්නේ ඩිරෙක්ටර් කෙනෙක්ට දැන් මේ කිව්වනේ ලක්ෂ නවයක පේමන්ට් එකකුත් කරයි කියලා එක පාරක්. ඩොලර් ලක්ෂ නමයක පේමන්ට් එකක් කරයි කියලා අනිල් ඇමතිතුමා කිව්වා. එතකොට ඩොලර් ලක්ෂ නමයක පේමන්ට් එක ඇපරු කරේ කවුද? ඩිරෙක්ටර් කෙනෙක්ට පුළුවන්ද ඒක කරන්න. ඩෙලිගේෂන් ඔෆ් ඔතෝරිටි කරේ නැද්ද? ඕනම ආයතනයක ලේකම්තුමා දැනගන්න ඕනේ පළවෙනි කාර්යය මම කරනවා ඩෙලිගේට් කරනවා ලක්ෂයක් මෙයා, ලක්ෂ පහක් මෙයා, ඩිජිට ලක්ෂ දහයක්. ඇමෙරිකන් ඩොලර් ලක්ෂ නමයක පේමන්ට් එකක් කරාලු. කොහොමද කරේ?
ඉතින් ඒ නිසා මෙතන හොරකමක් වෙලා තියෙනවා. ඒකෙන් කාටවත් ගැලවෙන්න බැහැ. හොරකමක් වෙලා තියෙනවා. හොරා කවුද කියන එක අල්ලන්න තියෙනවා. ඒක සීඅයිඩී එක කරපුවාවේ. ඔබතුමත් ඉන්නවා. මමත් ඉන්නවා අපේ මුදල් කමිටුවේ. අපි මුදල් කමිටුවේ මේකේ ප්‍රතිපත්තිමය වශයෙන් තියෙන, පරිපාලනය වශයෙන් තියෙන ගැටළු හොයාගමු. හොයාගෙන අපි මේ නිර්දේශ කරමු. මොකක්ද විය යුත්තේ කියලා.
හැබැයි මම අවසාන වශයෙන් එකක් කියනවා. වාර තුනක් තිස්සේ මුදල් ඇමති, මුදල් අමාත්‍යංශයේ ලේකම් හෝ නියෝජ්‍ය ලේකම්ලා අපේ කමිටුවට ආවේ නෑ. මම ජනාධිපතිතුමාට ඒ සම්බන්ධයෙන් බැරිම තැන ලියුමකුත් ලිව්වා. මං ඒකත් සභාගත කරන්නම්. ඒ ලියුම ලිව්වයින් පස්සේ තමයි මේ ඊයේ පෙරේදා දවසකත් ඔවුන් කිව්වේ එන්න විදිහක් නෑ කියලා. එහෙම කරන්න බෑ. මම හොඳ වැඩිවුණා. ඒකයි වුණේ අවුල. මම හොඳ වැඩි වුණා. මට තිබුණා ඕන්නං වරප්‍රසාද ප්‍රශ්නයක් ගේන්න. මං ගෙනාවේ නෑ. ඇයි ඒ? මං ඔවුන්ට අවස්ථාව දුන්නා. හරි නමුත් ඒ අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගන්න එපා. අපිට අන්තිමට තැන් තැන් වලින් කියන්නේ අපි මේ කට්ටියට ඕනවට වඩා දුන්න ඔය ලිහිල්කම.''

Latest News
පාකිස්ථානයේ උපකාරක පංතියක වහලක් කඩා වැටෙයි: දරුවන් 14ක් ජීවිතක්ෂයට
Local
01 July 2026
අයිවරි කෝස්ට් පරදා නෝර්වේ ජය ගනී
Local
01 July 2026
කාන්තා ක්‍රීඩාවේ ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ තීන්දුවක්
Local
30 June 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි
Local
30 June 2026
T20 කාන්තා ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට
Local
30 June 2026
Asia Miracle Awards 2026 - සම්මාන උළෙලේදී හිරු සම්මාන රැසකින් පිදුම් ලබයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සන්-සෝක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
IMF නියෝජිතයින්ගේ සංචාරය අවසන් - ජනපති සහ අගමැතිත් හමුවෙයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොං-සුක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
Local
30 June 2026