General30 June 2026

දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොං-සුක් පත් කිරීමට අනුමැතිය

දකුණු කොරියාවේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොං-සුක් (Han Seong-sook) පත් කිරීමට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපති ලී ජේ-මියුන්ග් විසින් ඉදිරිපත් කරන ලද මෙම පත්වීමට පාර්ලිමේන්තුවේ බහුතර එකඟතාව ලැබී ඇති බවයි.

නව අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වූ හන් සොං-සුක්, දකුණු කොරියානු ව්‍යාපාරික මෙන්ම දේශපාලන ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක්.

ඇය මීට පෙර එරට ප්‍රමුඛතම අන්තර්ජාල දැවැන්තයෙකු වන 'Naver' සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සාර්ථකව කටයුතු කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes