ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අතර හමුවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
රජය විසින් ආර්ථිකය මෙහෙයවනු ලබන ආකාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉමහත් ඇගයීමට ලක් වූ අතර, IMF මගින් සහාය ලබන වැඩසටහන් ක්‍රියාත්මක කරන අනෙකුත් බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
බාහිර කම්පන මාලාවක් මධ්‍යයේ වුවද සාර්ව ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීම සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් දැඩි ලෙස කැප වී සිටීම සම්බන්ධයෙන් එම නියෝජිත පිරිස රජයට සිය ප්‍රශංසාව පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියේ.
එමෙන්ම විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ 07 වන සමාලෝචනය මෙම වසර අගදී සිදු කිරීමට අපේක්ෂා කරන බව ද ජත්‍යාන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස දැනුම් දී තිබුණා.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ සැබෑ ප්‍රතිලාභය ජනතාවට හිමිවිය යුතු බවයි.
ඒ වෙනුවෙන් රජය ක්‍රියා කරමින් සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ද අද අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා.
එහිදී ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයන් හේතුවෙන් මතුව ඇති අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දීමට සූදානම් බවයි එම නියෝජිත පිරිස අවධාරණය කර තිබුණේ.
මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැනට ක්‍රියාත්මක විස්තීර්ණ වැඩසටහන අවසන් වීමෙන් පසු ඔවුන් තවත් වැඩසටහනක් සාකච්ඡා කළේ හෝ යෝජනා කළේද යන්න මාධ්‍යවේදීන් විමසීමක් කළා.

Latest News
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සන්-සෝක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
IMF නියෝජිතයින්ගේ සංචාරය අවසන් - ජනපති සහ අගමැතිත් හමුවෙයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොං-සුක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
Local
30 June 2026
''යල කන්නයේ නාඩු වී කිලෝ ග්‍රෑමයක් රු:120, සම්බා, රු:130 සහ කිරී සම්බා වී රු:140 ක සහතික මිල යටතේ මිලදී ගන්නවා''- අමාත්‍ය වසන්ත සමරසිංහ
Local
30 June 2026
වනාතවිල්ලුවේදී තෙප්පමක් පෙරළී ළමුන් සිව්දෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
30 June 2026
ඩෙංගු තොරතුරු සහ පැමිණිලි සඳහා ක්ෂණික ඇමතුම් අංකයක්
Local
30 June 2026
ඕස්ට්‍රේලියානු හිටපු තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මොයිසස් හෙන්රික්ස් විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහා පෘතුගාලය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කරයි
Local
30 June 2026
ගාල්ල බන්ධනාගාරයේදී මියගිය රැඳවියාගේ මුත්‍රා සාම්පලවල මත්ද්‍රව්‍ය: මරණය ගැන විවෘත තීන්දුවක්
Local
30 June 2026
නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කෙරේ
Local
30 June 2026