General05 May 2026

''ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශ හේතුවෙන් අධිකරණය කෙරෙහි පවතින මහජනතාවගේ විශ්වාසය පළුදු විය හැකියි'' - ශ්‍රී ලංකා නීතිඥ සංගමය

නඩු තීන්දු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගිය මැයි දිනයේ සිදු කළ ප්‍රකාශය තුළින් අධිකරණය කෙරෙහි පවතින මහජනතාවගේ විශ්වාසය පළුදු විය හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ පිළිබඳව පවසා සිටියා.

නීතියේ ආධිපත්‍ය සුරැකීම සඳහා එම සංගමය කැපවී සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම ජනපතිවරයා කළ එම ප්‍රකාශයට විරෝධය දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ඒකාබද්ධ
විපක්ෂය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් පෙන්වා දී ඇත්තේ රජය අධිකරණය ඉලක්ක කරගනිමින් කරනු ලබන ප්‍රකාශ වහා නතර කළ යුතු අතර ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගත යුතු බවයි.
Related recommendation
Hiru TV News | Programmes