General05 May 2026

විජේ අනිද්දා දිවුරුම් දීමට සැරසේ

තමිල්නාඩු ප්‍රාන්තයේ මහ මැතිවරණය ජයග්‍රහණය කළ ඉන්දීය සුපිරි නළු තලපති විජේගේ ටී.වී.කේ. පක්ෂය මේ වනවිට බලය පිහිටුවීම සදහා පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඔවුන් හෙට තමිල්නාඩු ආණ්ඩුකාරවරයා ද හමුවීමට නියමිතයි.

ටී.වී.කේ. පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කළේ, ආසන 108 ක් හිමිකරගනිමින්.

දශක පහකට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ හිටපු තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඒම්.කේ. ස්ටාර්ලින්ගේ නායකත්වයෙන් යුතු ඩී.ඒම්.කේ. පක්ෂයට මෙවර හිමිවූ ආසන සංඛ්‍යාන 59 ක්. ඒමෙන්ම, වත්මන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමග සන්ධානගතව සිටින ඒ.අයි.ඒ. ඩී.ඒම්.කේ. පක්ෂය ද මෙවර මැතිවරණයෙන් හිමිකරගෙන ඇත්තේ ආසන 47 ක් පමණයි.

මේ අනුව, පනස් වසරකට වැඩි කාලයක් ද්‍රවිඩ දේශපාලනය තුළ බලකොටුවක් වූ තමිල්නාඩුවේ ඩී.ඒම්.කේ. වැනි ප්‍රධාන ධාරාවේ පක්ෂවලට මෙවර බලය අහිමිවීම විශේෂත්වයක්. එසේම, අනිද්දා තලපති විජේ මහ ඇමති ධුරයේ දිවුරුම්දීමට නියමිත බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මේ අතර, තමිල්නාඩුවේ දේශපාලන සිතියම වෙනසකට ලක්වුව ද ශ්‍රී ලංකාවට ඒහි බලපෑම ඉතා අවම බව හිරු ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින් කොළඹ සිටින ජේ්‍යෂ්ඨ ඉන්දීය මාධ්‍යවේදී පී.කේ. බාලචන්ද්‍රන් කියා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes