සිය නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක බවත්, එම නිසා එන්න කියන ඕනෑම වෙලාවක එන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේදීයි.
අද දින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණෙනවා දැයි ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළා,
''එන්න කියන ඕන වෙලාවක අපි යනවා. ආණ්ඩුවේ අයත් දැනගන්න ඕන බලපෑම් කරලා බය කරලා මේ ගමන යන්න බැහැ. ඉතින් පැහැදිලිවම මේකට පරීක්ෂණයක් වෙන්න ඕන. ඒ නිසා අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක. හැබැයි අනිත් පැත්තෙන් ඒ පරීක්ෂණ කටයුතු බලපෑම් කරලා බලහත්කාරයෙන් කට උත්තර ලියාගන්න න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙනවා නම් සාධාරණයක් වෙන්නෙ නෑ. අවසානයේ ඒකෙ පාඩුවත් ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට. මොකද ජනතාව රවට්ටන්න තමයි එහෙම කරන්නේ.
විපක්ෂය කෙසේ වෙතත් පරීක්ෂණයක් වෙන්න ඕන මොකද ආණ්ඩුව උත්සාහ කරනවා හුඟක් දේවල් යට ගහන්න. මොකද අපි දැක්කා මුදල් අමාත්‍යාංශයේ සිදුවීමේදී වෙච්ච මරණයක් සම්බන්ධයෙන් අර කෝටි අසූවක් පන්නපු එක සම්බන්ධයෙන් ඒක ඒ වෙලාවෙම වෙලාවේම සියදිවි හානි කර ගැනීමක් කියල යටගැහුවා. හැබැයි මේකෙදී ලොකු සමාජ කතිකාවතක් හදන්න උත්සාහ කරනවා හැබැයි මේ හැම එකක් ගැනම සාධාරණ පරීක්ෂණයක් වෙන්න ඕන.
අපි එන්න ඕන කියන ඕනම වෙලාවක යනවනේ. ඒ හින්දා එක ගැන ප්‍රශ්නයක් නෑ. මග හරින්න හේතුවක් නෑනේ. හැබැයි දැනට ඉන්න ආණ්ඩුව බොහෝ ප්‍රශ්න මග ඇරලා මාරු වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් එහෙම ලිස්සල ගිහිල්ලා හරියන්නෙ නැහැ.''

Latest News
මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කෙරේ:
Local
12 July 2026
කාලගුණික දේශගුණික විපර්යාස යනු ජාතික ආරක්ෂක ගැටලුවක් සේ සලකා කටයුතු කළ යුතු දෙයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
12 July 2026
සමාගම් සහ සමිති ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ: වසන්තගෙන් ගැසට් එකක්
Local
12 July 2026
නීති විරෝධී මත්පැන් සහ ගෝඩා වැටලීම් තුනකින් තිදෙනෙක් දැලේ
Local
12 July 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
12 July 2026
ඩෙංගු අධිඅවදානම් කලාප 60ක මදුරු මර්දන මෙහෙයුමක්
Local
12 July 2026
කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ් අභාවප්‍රාප්ත වෙයි
Local
12 July 2026
2027 අයවැය නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් ලග්ගලදී කතක් මරුට
Local
12 July 2026
මත්ද්‍රව්‍ය තොගයක් සමග වත්තලදී කතක් කොටු
Local
12 July 2026