General13 May 2026

ICC නියෝජිත පිරිසක් දිවයිනට

මෙරට ක්‍රිකට් පරිපාලනයේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් පිරිසක් දිවයිනට පැමිණිමට නියමිත බවට වාර්තා වනවා.

එම කණ්ඩායම ඉදිරි සතිය තුළ බොහෝ දුරට මෙරටට පැමිණෙනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔවුන් ක්‍රීිඩා අමාත්‍යවරයා, නව ක්‍රිකට් පරිවර්තන කමිටුව, හිටපු විධායක කමිටුව මෙන්ම ක්‍රිකට් ආයතනයට සම්බන්ධ පාර්ශ්ව හමුවී සාකච්ඡා කරනු ඇති.

ඉන් අනතුරුව, අයි.සී.සී.ය විසින් මෙරට ක්‍රිකට් පරිපාලනයේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳ සිය ස්ථාවරය දැනුම් දෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ශම්මි සිල්වා ප්‍රමුඛ හිටපු විධායක කමිටුව ඉල්ලා අස්වීමෙන් පසුව ක්‍රීිඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අවලංගු කරමින් තාවකාලිකව එහි පරිපාලනය වත්මන් පරිවර්තන කමිටුවට පවරන බව ගැසට් නිවේදනයක් මගින් පසුගියදා ප්‍රකාශයට පත් කළ්.

Related recommendation
Hiru TV News | Programmes