රුපියල් කෝටි හතරකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුව පවසන්නේ ඊයේ (12) රාත්‍රී TG 307 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණි මෙම සැකකරු, ගුවන් තොටුපළ හරිත මාවත (Green Channel) ඔස්සේ පිටව යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වූ බවයි.
අත්අඩංගුවට ගත් 29 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා එරට ව්‍යාපාරික ආයතන සේවකයෙක් බවයි ශ්‍රී ලංකා රේගුව පවසන්නේ.
සැකකරු සතුව තිබූ ගමන් මලු (Luggages) දෙකක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට නිලධාරීන් සමත් ව තිබුණා.
රේගු වාර්තාවලට අනුව එහි ග්‍රෑම් 4,389 ක බරින් යුත් මරිජුවානා (ගංජා) සහ හෂීස් අඩංගු වී තිබු බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් හතළිස් තුන් මිලියන අටලක්ෂ අනූදහසක් (රු. 43,890,000/-) පමණ වන බවයි රේගුව සඳහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව, සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාරදීමට කටයුතු කර ඇතැයි ද ශ්‍රී ලංකා රේගුව පවසනවා.
Latest News
සලේගේ පෙත්සම ලබන 27 වැනිදා තෙක් කල් තැබෙයි
Local
21 July 2026
නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
21 July 2026
බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු පුද්ගලයෙක් අධිසැර විදුලි කුළුණකට නගී - කඹුරුපිටියම අඳුරේ
Local
21 July 2026
අගමැති හරිනි දුරදක්නයකින් නිරීක්ෂණය කළ තිදෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
කොළඹ කොටස් වෙළඳපොළ ඒකක 62.37කින් පහළට
Local
21 July 2026
ඉන්දියාවේ විදුලිබල ව්‍යාපෘති උමගක පිපිරීමක්: 10ක් මියගොස් පිරිසක් සිරවෙලා
Local
21 July 2026
හෝමාගම කම්පා කළ බිහිසුණු ගින්නේ සංවේදී කතා රැසක් එළියට
Local
21 July 2026
හෙටත් සුළගේ වේගය ඉහළට
Local
21 July 2026
කෝප් සහ කෝපා වාර්තා නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසමට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය
Local
21 July 2026
රජය වී මෙට්‍රික් ටොන් 1910ක් මිලදීගෙන
Local
21 July 2026