General27 May 2026

ඩුබායි ඉඳන් කුදලන් ආ තවත් පාතාලයින් දෙදෙනකුට දින 90ක රැඳවුම් නියෝග

මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සම්බන්ධයෙන් ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රවින්ද්‍ර රංජිත් සූරියආරච්චි ඇතුලු තවත් සැකකරුවෙක් දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් දසනායක හමුවේ දැන්වුවා.

ඩුබායිවලදී ඉකුත් 22 වන දින මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

2025 වර්ෂයේ අගෝස්තු 7වන දින බොරැල්ල ප්‍රදේශයේ සිරිසර උයන මහල් නිවාසය අසල දී පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බවද පොලිසිය සඳහන් කළා.


Related recommendation
Hiru TV News | Programmes