ශ්‍රී ලංකාව සදහා වන විස්තීර්ණ ණය පහසුකමේ 5 වන සහ 6 වන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය අද හිමිවුණා.
ඒ අනුව, මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 695 ක් පමණ ලැබීමට නියමිතයි. විස්තීර්ණ ණය පහසුකම යටතේ මූල්‍ය අරමුදල මෙරටට මෙතෙක් ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 2 යි දශම 4 ක් වනවා.
මේ අතර, විස්තීර්ණ ණය පහසුකමට අදාළ ඇතැම් නිර්ණායක ඉටු කිරීම දක්නට නොලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා.
ඒ අනුව, විස්තීර්ණ ණය පහසුකමට අදාළව ශ්‍රී ලංකාවේ විදේශ ගෙවීම් හිඟ හා ආනයන සීමා දැඩි කිරීම හෝ නව ආනයන සීමා නොපැනවීම සම්බන්ධ අඛණ්ඩ නිර්ණායක සපුරාලීමට අපොහොසත් වී ඇති බව ඔවුන් පෙන්වා දෙන්නේ.
එහිදී පෙර ක්‍රියාමර්ග ලෙස මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන, විදුලිය, පොහොර සහනාධාර හා අස්වැසුම ලබාදීමේදී අයවැය ආශ්‍රිතව ලබාදෙන කැබිනට් තීරණයක් ප්‍රකාශයට පත් කිරීම සහ ඒවා රුපියල් බිලියන 100 ක සමස්ත සීමාවකට යටත් විය යුතු බව එහි සඳහන්. කෙසේ වෙතත්, සැප්තැම්බර් මාසය අග වනවිට මෙම නිර්ණායකයන් ක්‍රියාත්මක වීම නවතා දැමිය යුතු බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළා.
මීට අමතරව සිල්ලර ඉන්ධන මිල ඒවායේ පිරිවැය- ප්‍රතිසාධන මට්ටම් දක්වා ගෙනයාම මෙන්ම මාසික සූත්‍ර ආශ්රිත සකස් කිරීම් සිදුකළ ආකාරයක් දක්නට නොලැබුණු බව ද ජත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙනවා.
එම නිර්ණායකය 2026 වසරේ අප්‍රේල් මාසයේදී ඉෂ්ට නොවු බවත්, 2025 වසරේ දෙසැම්බර් මාසයේදී ද උල්ලංඝණය වී ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා. එසේම, 2026 ජනවාරි මාසයේදී එම නිර්ණායකය සඳහා අනුගතවී ඇති බව සඳහන්.
මේ අතර ජත්‍යාන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්යක්ෂ කෙන්ජි ඔකමූරා ද පෙන්වා දෙන්නේ, මෙම වැඩසටහනට අදාළ මූලික ඉලක්ක කිහිපයකින් අපගමනය වී ඇති අතර, 2026 වර්ෂය සඳහා ආර්ථික වර්ධනය සියයට 3 ක් දක්වා මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
එමෙන්ම, මහජන මූල්‍ය හා ආයෝජන කළමනාකරණ ක්ෂේත්රය සහ විදුලිබල අංශ ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීමට අඛණ්ඩව ප්‍රයන්ත දැරිය යුතු බව ද ජත්‍යාන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්යක්ෂවරයා අවධාරණය කළා.
ණය තිරසාරභාවය පිළිබඳ ඉහළ අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීමක් සිදුකළ ඔහු, මුල්‍ය ප්‍රතිපත්තිය හරහා මිල ස්ථාවරත්වයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව ද අවධාරණය කළා.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එක්ව ජත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිපියක් යොමුකර තිබෙනවා.
එහි දැක්වුණේ මැද පෙරදිග ගැටුමට ප්‍රතිචාර වශයෙන්, බලශක්ති මිල ගැලපීම් සමඟ ඉදිරියට යන අතරතුර, ආර්ථික බලපෑම අවම කිරීම සහ අවදානමට ලක්විය හැකි කාණ්ඩ ආරක්ෂා කිරීම සඳහා ඉලක්කගත සහ තාවකාලික පියවර පැකේජයක් හදුන්වා දුන් බවයි.
අදාළ ආධාරක පැකේජයට ඉන්ධන සහ විදුලි සහනාධාර, කුඩා ගොවීන් සඳහා පොහොර සහනාධාර, ධීවරයින් සඳහා සහාය සහ අස්වැසුම මුදල් හුවමාරු වැඩසටහනට මුදල් එකතු කිරීම් කළ බව ද එහි සඳහන්.
එසේම මෑතකදී මහ භාණ්ඩාගාරයේ සිදුවූ රුපියල් මිලියන 2යි දශම 5ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීමේ සිදුවීම හේතුවෙන් විදේශ ගෙවීම් හිඟ සම්බන්ධයෙන් වූ නිර්ණායකය ක්‍රියාත්මක වීමට අපොහසත් වූ බව ද අදාළ ලිපිය මඟින් පෙන්වා දෙනවා.
එමෙන්ම 2026 වසර සඳහා ආර්ථික වර්ධනය 3%ක් දක්වා මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපගේඕර්ජියු පවසනවා.
ඔහු මේ පිළිබඳව පවසා සිටියේ අද (28) පැවැත්වුණු අන්තර්ජාල මාධ්‍ය සාකච්ඡාවේදීයි.
ශ්‍රී ලංකාව ආනයන සීමා පැනවීමෙන් සහ ඉහළ බදු අය කිරීමෙන් වැළකිය යුතු බවත්, විශේෂයෙන්ම වාහන ආනයනය සම්බන්ධයෙන් එය අදාළ වන බවයි ඔහු එහිදී සඳහන් කර සිටියේ.
එමෙන්ම වාහන ඇතුළු භාණ්ඩ ආනයනය මත බදු වැඩි කිරීම දිගුකාලීන වශයෙන් සාර්ථක ප්‍රවේශයක් නොවන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට උපදෙස් දී ඇති බවයි ඔහු සඳහන්කර සිටියේ.
පැපගේඕර්ජියු පෙන්වා දුන්නේ, රජය සිය 2025 වසරේ ආදායම් ඉලක්ක සාර්ථකව සපුරා ඇති බවයි.
එහිදී වාහන ආනයනය හරහා ලැබුණු "නොසිතූ" බදු ආදායම, රජයේ සමස්ත ආදායම් එකතු කිරීම් ඉහළ නැංවීම සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.
ශ්‍රී ලංකාවේ IMF වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නියමිත මඟෙහි පවතින බවයි.
එමෙන්ම රජය විසින් එය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහය ද ඔහු අගය කරනු ලැබුවා.
"අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ශක්තිමත් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගොස් තිබෙනවා. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනෙන් ලැබුණු ප්රතිලාභ, ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව රැක ගැනීමට උපකාරී වූ අතර, 'දිට්වා' (Ditwah) සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද්ධයට සාර්ථකව ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය ඉඩකඩ ද එයින් නිර්මාණය වුණා," යනුවෙනුයි ඔහු පවසා සිටියේ.
කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම සැලකිය යුතු ලෙස අයහපත් වී ඇති අතර, ඉන් එල්ල වන අවදානම (downside risks) ඉහළ ගොස් ඇති බවට ද ඔහු අනතුරු අගවා සිටියා.
තෙල් මිල ඉහළ යාම හේතුවෙන් උද්ධමනය ඉහළ යා හැකි අතර ජංගම ගිණුම (current account) දුර්වල විය හැකි බව ද, සංචාරක ආදායම පහත වැටීමෙන් ද එයට අහිතකර ලෙස බලපෑම් එල්ල විය හැකි බවද ඔහු මෙම සාකච්චාවේදී පැවසූ අතර මේ වසරේ උද්ධමනය 5%ක මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි පැපගේඕර්ජියු වැඩිදුරටත් පවසා සිටියේ.

Latest News
ප්‍රදේශ රැසකට වැසි
Local
05 July 2026
2025 අ.පො.ස. උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
Local
05 July 2026
දෙවන දිනය නිමාවන විට කොදෙව් කඩුල්ලක් දැවී ලකුණු 58යි
Local
05 July 2026
කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ලකුණු 549ක දැවැන්ත පළමු ඉනිමක්
Local
05 July 2026
"විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතුයි" - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය
Local
05 July 2026
අකුරේගොඩ නීතීඥ යුවළ ඝාතනයේ මෝටර් රථ රියදුරු මාලදිවයිනේදී අත්අඩංගුවට: රතු නිවේදනයක් මත ලංකාවට රැගෙන එයි
Local
04 July 2026
ඩෙංගු ඉහළ යාමට වෛරස් ප්‍රභේදයේ වෙනසක් හේතු වෙලා – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
Local
04 July 2026
මාළු මිල ඉහළට
Local
04 July 2026
කොළඹ කසළ ගැටළුව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමක්
Local
04 July 2026
ලෙබනන් යන සාමසාධක භටයින්ගේ ආචාර පෙළපාලිය කුරුවිටදී
Local
04 July 2026