General04 July 2026

අකුරේගොඩ නීතීඥ යුවළ ඝාතනයේ මෝටර් රථ රියදුරු මාලදිවයිනේදී අත්අඩංගුවට: රතු නිවේදනයක් මත ලංකාවට රැගෙන එයි

අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන සිහින දිල්සර නැමැත්තා මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන විත් තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් ඔහුව (04) දින සවස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරට වෙත රැගෙන එනු ලැබුවා.

ගාල්ල, බටපොළ, ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි වියේ පසුවන අදාල සැකකරු, අදාළ ඝාතනය සිදුකිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇති බවට තහවුරු වී තිබෙනවා.

සැකකරු මාලදිවයිනේ මාලේ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 116 දරන ගුවන් යානයෙන් මෙරටට රැගෙනවිත් ඇති අතර, ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් විසින් සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes