General31 May 2026

ඩීසල් මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩි වෙන්නේ නෑ : ත්‍රිරෝද රථ ගාස්තුත් වැඩි වන ලකුණු

ඩීසල් මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ‍එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා කියා සිටියේ බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව වැඩිවීමක් සිදු නොවන බවයි.

මේ අතර වැඩි කළ ඉන්ධන මිල සම්බන්ධයෙන් ප්‍රවාහන සංගම් රැසක් අදහස් පළ කළා.

ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව මීටරය භාවිත කරමින් ධාවනය වන ත්‍රිරෝද රථ සඳහා පළමු කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 130 ක් දක්වා ඉහළ යායුතු බවට තමන් අපේක්ෂා කරන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes