කළුතර දිසා වන නිලධාරි කාර්යාලයේ රාත්‍රී සේවයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියකුට පහර දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් දකුණු කළුතර පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තිනියාවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන 51 හැවිරිදි වියේ පසු වන පොලිස් කොස්තාපල්වරයෙක්.
ඉකුත් 29 වැනිදා රාත්‍රී 10.30 ට පමණ මොහු දිසා වන කාර්යාලයේ සේවයේ යෙදෙමින් සිටි ආරක්ෂක නිලධාරියාට ගල් මුල්වලින් පහරදී තුවාල කළ බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරු මත පරික්ෂණ පවත්වා සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ එච්.ඒ. රත්නපාල යන අය 1990 සුවසැරිය ගිලන් රථ සේවය මගින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මීට පෙරද අවස්ථා කීපයකදීම සැකකාර පොලිස් කොස්තාපල්වරයා කළුතර දිසා වන කාර්යාලයීය නිලධාරීන් සමග ආරාවුල් ඇති කරගෙන ඇති අතර එම පැමිණිලි පොලිසියේදී සමථ කරගෙන ඇතැයි පොලිසිය පවසනවා.
කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකරගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනවා.
Latest News
එයාර් බස් ගණුදෙනුව ගැන සොයන්න CID සහ අල්ලස් නිලධාරීන් පිරිසක් ඕස්ට්‍රේලියාවට
Local
21 July 2026
යේමනයේ හවුතිවරු සෞදි අරාබියට එරෙහිව 'සාගර සම්බාධක' ප්‍රකාශයට පත් කරයි
Local
21 July 2026
ශ්‍රී ලංකන් කුවේට් ගුවන් ගමන් සතියකට අත්හිටුවයි
Local
21 July 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
21 July 2026
ජාතික හැඳුනුම්පත නැති අයටත් අනිද්දාට පෙර සාමාන්‍ය පෙළට අයදුම් කිරීමට අවස්ථාව
Local
21 July 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී නාඳුනන යාත්‍රාවක ගැටීමෙන් තෙල් නෞකාවකට හානි
Local
21 July 2026
අමෙරිකානු හමුදාවෙන් ඉරානයට එරෙහිව අඛණ්ඩව 10 වැනි දිනටත් ප්‍රහාර
Local
21 July 2026
ට්‍රම්ප් කැනඩාවට 50%ක බදු පනවයි
Local
21 July 2026
මීරිගම විදුලි උපකරණ අලෙවිසැලක හදිසි ගින්නක්
Local
20 July 2026
පරාජය හමුවේ ආජන්ටිනාවේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට
Local
20 July 2026