බුත්තල සහ පේරාදෙණිය පොලිස් වසම් තුළ සිදුවූ දරුණු රිය අනතුරු දෙකකින් පොලිස් සැරයන්වරයෙකු සහ 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
බුත්තල පොලිස් වසමේ යටියල්ලාතොට මාර්ගයේදී ඊයේ (31) සවස යතුරුපැදි දෙකක් එකිනෙකට මුහුණට මුහුණ ලා සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා බුත්තල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබුණා.
මෙලෙස යගොස් ඇත්තේ උඩාරාව ප්‍රදේශයේ පදිංචිව සිටි, ගෝණගංආර පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි 54 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්.
පොලිස් සැරයන්වරයා පැදවූ යතුරුපැදියට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි අනෙක් යතුරුපැදිය මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබුණා.
අනෙක් යතුරුපැදියේ පැදිකරු අනතුර සිදුවන අවස්ථාවේදී බීමත්ව සිට ඇති බවට මූලික විමර්ශණවලින් හෙළිවූ බව පොලිසිය පවසනවා.
මේ අතර අද (01) අලුයම පේරාදෙණිය පොලිස් වසමේ ගන්නෝරුව - කටුගස්තොට මාර්ගයේදී තවත් මාරක අනතුරක් සිදුව තිබුණා.
පේරාදෙණිය දෙසට ධාවනය වූ ලොරි රථයක, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
එහිදී බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යටියන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙක්.
මෙම අනතුරු දෙක සම්බන්ධයෙන් බුත්තල සහ පේරාදෙණිය පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.
Latest News
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
Local
21 July 2026
ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පතට කථානායකගෙන් සහතිකය
Local
21 July 2026
''ස්පාඤ්ඤය හමුවේ ලද ලෝක කුසලාන පරාජය දැඩි වේදනාවක්'' - මෙසීගෙන් සංවේදී සටහනක්
Local
21 July 2026
මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකයෙන් මූල්‍ය සහ ව්‍යාපාරික ආයතන 11කට රුපියල් කෝටි එකහමාරකට ආසන්න දඩ
Local
21 July 2026
යුරෝපා සංගමයේ නව තිරසාර පාරිසරික නීති හමුවේ ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට හදිසි අනතුරු ඇඟවීමක්
Local
21 July 2026
රුපියල අදත් ඩොලරයට තැන දෙයි ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.94
Local
21 July 2026
කරන්දෙණිය අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ වැඩ තහනම්
Local
21 July 2026
හෝමාගම ගින්න පාලනය කිරීමට ගිනි නිවීම් රථ 6ක් යොදවයි
Local
21 July 2026
කතරගම දේවාලයේ 07 වැනි පෙරහැර අදයි
Local
21 July 2026
හෝමාගම කාර්මික කලාපයේ හෙල්මට් නිෂ්පාදන කම්හලක ගින්නක්
Local
21 July 2026