රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවනවා.
රට තුළ ප්‍රමාණවත් වී සංචිත පවතින පසුබිමක, අවශ්‍යතාවයක් ඇති වුවහොත් නැවත සහල් ආනයනය කරන බවට ඇමතිවරයා කර ඇති ප්‍රකාශය ජාතික ගොවිජන එකමුතුවේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.
ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා චෝදනා කරන්නේ මෙම අත්තනෝමතික ආනයන තීරණ හරහා පාරිභෝගිකයා සැනසීමට මුවා වී වෙනත් රටවල ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට බලධාරීන් කටයුතු කරන බවයි.
පසුගිය සිංහල අලුත් අවුරුදු උත්සව සමයේදී දින කිහිපයක කීරිසම්බා අවශ්‍යතාවය වෙනුවෙන් මෙට්ට්‍රික් ටොන් 2,700ක් හෝ 4,000ක් වැනි ප්‍රමාණයක් ප්‍රමාණවත් තිබියදී, අප්‍රේල් 02 වැනිදා සිට 28 වැනිදා දක්වා මුළු මාසයකටම සෑහෙන පරිදි අවශ්‍යතාවයට වඩා 20-30 ගුණයක සහල් තොග ආනයනය කර ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
මේ වන විට රේගුවෙන් නිදහස් කර ඇති සහල් ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 125,000කට ආසන්න වන අතර උත්සව සමය වෙනුවෙන් සමස්තයක් ලෙස මෙට්ට්‍රික් ටොන් 150,000කට ආසන්න සහල් තොගයක් රට තුළට ගෙන්වා ඇති බවද වාර්තා වනවා.
දැනට පවතින දත්ත අනුව 2025 සහ 2026 වසරවල යල සහ මාස් කන්නයන්ගෙන් ඉතිරි වූ වී සංචිත රට පුරා පවතිනවා.
දළ වශයෙන් ගණනය කළහොත් මෙට්ට්‍රික් ටොන් මිලියන 3.6ක වී සංචිත ප්‍රමාණයක් රට තුළ පවතින බැවින්, ඉදිරි යල කන්නයේ අස්වනු නෙළන තෙක් පරිභෝජනය සඳහා කිසිදු සහල් ආනයනයක අවශ්‍යතාවයක් මතු නොවන බවයි එම ගොවි සංවිධාන පවසන්නේ.
මේ වන විටත් දේශීය ගොවියා සතුව සමස්ත නිෂ්පාදනයෙන් 35%ක වී තොග ඉතිරිව පවතින බව සඳහන්.
සහල්වලට අමතරව පකිස්ථානය, ඉන්දියාව සහ නෙදර්ලන්තය වැනි රටවලින් දිගින් දිගටම ලූණු ආනයනය කිරීම නිසා දේශීය ලූණු ගොවියා අන්ත අසරණ වී ඇති අතර, නුවරඑළියේ අල ගොවියා ද මෙවැනිම විනාශකාරී තත්ත්වයකට මුහුණ දී සිටිනවා.
මෙම ආනයන තීරණ පිටුපස ඇත්තේ පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණක් නොව, නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" බවටයි අනුරාධ තෙන්නකෝන් චෝදනා කරන්නේ.
මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, කීරිසම්බා වෙනුවට ආදේශකයක් ලෙස 'පොන්නි සම්බා' ආනයනය කිරීම සහ කැකුළු, නාඩු සහල් ආනයනය පිළිබඳව සැබෑ දත්ත සෙවිය යුතු බව ද ඔහු අවධාරණය කළා.

Latest News
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 304ක ඉලක්කයක්
Local
04 June 2026
කුවේට් ගුවන් තොටුපොළ ප්‍රහාරය: ලාංකිකයින් 3 දෙනෙකුට තුවාල
Local
03 June 2026
සහල් ආනයනය කළොත් ඇමති වසන්තට ගමට එන්න දෙන්නේ නැහැ: ජාතික ගොවිජන එකමුතුවෙන් අනතුරු ඇඟවීමක්
Local
03 June 2026
වව්නියාවේ 'සිඟිති පාතාලයේ' 07ක් දැලේ: සැකකරුවන් පරිවාස භාරයට
Local
03 June 2026
බටගොඩ වැඩිහිටි නිවාසයෙන් 08 දෙනෙකුගේ සිරුරු සොයාගැනේ
Local
03 June 2026
1990 අක්‍රිය වන බවට පැතිරෙන පුවත අසත්‍යයි: සුව සැරිය පදනම
Local
03 June 2026
බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් අතුරුදන් සංඛ්‍යාව 11ක් දක්වා ඉහළට
Local
03 June 2026
කාසියේ වාසිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට
Local
03 June 2026
සා/පෙළ විභාග අයදුම්පත් කැඳවීමට පෙර ජාතික හැඳුනුම්පත සකස් කරගන්න - විභාග දෙපාර්තමේන්තුව
Local
03 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් තිදෙනෙක් අතුරුදන්
Local
03 June 2026