General04 June 2026

හොරණ බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 11 දක්වා ඉහළට

හොරණ - බටගොඩ ‍සෙනෙහසේ කැදැල්ල මවුපිය සෙවණ වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම තවත් 07 දෙනෙකු හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ගින්නට මැදි වූ 51 දෙනෙකු බේරාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සෙනෙහසේ කැදැල්ල මවුපිය සෙවණ වැඩිහිටි නිවාසයේ ඊයේ පස්වරුවේ මෙම ගින්න හටගත් අතර හොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමටයි කටයුතු කළේ.

ගින්න ඇතිවන අවස්ථාවේ එහි පුද්ගලයින් 69 දෙනෙකු රැදී සිට තිබෙනවා.

මෙම වැඩිහිටි නිවාසයේ සිටි වැඩිහිටියන්ගෙන් වැඩි පිරිසක් මානසික ආබාධ සහිත පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

ගින්න ඇතිවීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, රජයේ රස පරීක්ෂක නිලධාරීන් අද එම ස්ථානයට පැමිණ විමර්ශන සිදු කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes