බොරැල්ල පොලිස් වසමට අයත් හල්ගහවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඊයේ (03) පුද්ගලයකු ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසනවා.
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්.
පොලිසිය විසින් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මරණකරු සහ පහරදීම සිදු කළ පුද්ගලයා අතර කළක පටන් පැවති පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දැනට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබනවා.
Latest News
මදුරු මර්දනය පිණිස විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කෙරේ
Local
04 June 2026
සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී TIN අංකය අනිවාර්ය කෙරෙන පනතට කථානායකගේ අත්සන
Local
04 June 2026
කෝපි වගාව ප්‍රවර්ධනයට නව රක්ෂණාවරණයක්
Local
04 June 2026
චීනයේ ප්‍රමුඛතම සිතියම් විද්‍යාඥයෙකුට දූෂණ චෝදනා
Local
04 June 2026
ට්‍රම්ප්ගේ යුද බලතල පාලනය කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යෝජනාවක් සම්මත කරයි
Local
04 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 340.25ක් ලෙස සටහන් වෙයි
Local
04 June 2026
ලොරි රථයකට යටවී යතුරුපැදිකරුවෙක් මරුට
Local
04 June 2026
කාර් රථයක් ත්‍රීරෝදයක ගැටී සිඟිත්තියක් ජීවිතක්ෂයට
Local
04 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මුදාගත් පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත
Local
04 June 2026
කාලගුණයෙන් විශේෂ නිවේදනයක් - දිවයින වටා මුහුදු ප්‍රදේශ රැසක සුළගේ වේගය පැ.කි.මී. 60 දක්වා ඉහළට
Local
04 June 2026