අක්ෂි රෝග සඳහා ජාතික මට්ටමේ සේවාවක් ලබාදෙනු ලබන සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ අක්ෂි සායනයේ ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණින් ක්‍රියාවට නැංවුණු "අක්ෂි සායනය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය" අද (04) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය හා මඟපෙන්වීම මත ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන්.
මෙම රෝහලේ අක්ෂි ඒකකයේ (සායනයේ) කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා රෝහල් අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජික නීල් උමගිලිය විසින් රුපියල් මිලියන තුනක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට කටයුතු කර ඇති අතර, ඒ අනුව මෙම ඩිජිටල්කරණ කටයුතු ස්ථාපිත කර තිබෙනවා.
මෙම වැඩපිළිවෙලට අදාළව පසුගිය මාස 06 ක් පුරා නියමු ව්‍යාපෘතියක් ද අක්ෂි සායනය තුළ ක්‍රියාවට නංවා රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබාදීමට ද කටයුතු කර තිබෙනවා.
ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් එම වැඩපිළිවෙලේ ප්‍රගතිය, වත්මන් ක්‍රියාකාරිත්වය මෙන්ම අක්ෂි සායන වාට්ටු ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නිරීක්ෂණයට ලක්වුණා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහාය ඇතිව ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය පද්ධතියම ඩිජිටල්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇති අතර, සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ ක්‍රියාත්මක වන මෙම නව වැඩපිළිවෙළ හරහා අක්ෂි රෝගීන්ට දිගු පෝලිම්වල රැඳී නොසිට, කඩිනම් හා වඩාත් කාර්යක්ෂම අක්ෂි වෛද්‍ය සේවාවක් ලබා ගැනීමට අද සිට අවස්ථාව සැලසෙනවා.
රෝගී දත්ත සහ වෛද්‍ය වාර්තා පරිගණකගත පද්ධති (Digital Systems - App) හරහා කළමනාකරණය කිරීම මෙමඟින් සිදු කෙරෙන ප්‍රධානතම කාර්යයක්.
නවීන ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් ඇසේ සුද ඉවත් කිරීම සහ දියවැඩියා අක්ෂි රෝග (Diabetic Retinopathy) ඇතුළු අක්ෂි සත්කාර සඳහා ලබාදෙන සේවා වඩාත් ගුණාත්මක වීම ද මෙම වැඩපිළිවෙලේ තවත් අපේක්ෂිත ප්‍රතිලාභයක්.
මෙහිදී රෝගීන් ලියාපදිංචිය, රෝගී දත්ත කළමනාකරණය, සායනික වාර්තා සහ ඖෂධ නිකුත් කිරීමේ පද්ධති ඇතුළු අක්ෂි සේවාවට අයත් රෝහලේ සියලු අංශ ඩිජිටල්කරණයට ලක් කිරිමට කටයුතු කර තිබීම විශේෂත්වයක්.
අද දින පැවැති මෙම සමාරම්භක අවස්ථාවට රෝහල් වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය ඩී. ජී. ඒ. රණවීර ඇතුළු අක්ෂි ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගි වී සිටියා.
Latest News
යකඩ පටි සවිකල දොරවල් අගුළු දාලා - 12කට දිවි අහිමි කළ හොරණ වැඩිහිටි නිවාසය ලියාපදිංචි කරලත් නැහැ
Local
04 June 2026
මට අන්තිමට ඉතුරු වුණේ ඇදිවත විතරයි - සෙනෙහසේ කැදැල්ලේ දයාසීලි
Local
04 June 2026
අමෙරිකානු රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ 'P 628' වෙරළාරක්ෂක නෞකාව නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
Local
04 June 2026
ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ඇප
Local
04 June 2026
තෝමස් පිල පරදා ජෝසප් පිල ‘ලේඩි ජයතිලක පලිහ’ දිනා ගනී
Local
04 June 2026
සියවසකට වරක් දක්නට ලැබෙන ඉන්දුනීසියානු ගිරවා කඳුකර වනාන්තරයකින් මතු වෙයි
Local
04 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයා ජුනි 11 දක්වා රිමාන්ඩ්
Local
04 June 2026
සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ අක්ෂි සායනය ඩිජිටල්කරණය කෙරේ
Local
04 June 2026
සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමේ නියෝගය ලබන 10 දා
Local
04 June 2026
නවම්මහර දුම්රිය හරස් මාර්ගයේ වාහන ගමනාගමනය දින 3කට සීමාකරයි
Local
04 June 2026