General04 June 2026

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානාධිපතිවරයාට ඇප

මැණික් ගලක් සොරා ගැනීමේ සිද්ධියකට අදාලව දෙපාර්ශ්වයේ මුදල් බලෙන් ලබා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානාධිපතිවරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කර තිබෙනවා.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය පැමිණිලිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටද ඇප කොන්දේසියක් පනවා තිබෙනවා.

සිද්ධියට අදාල නඩුව ලබන ජුලි මස 03 වැනිදා යළි කැදවීමට නියමිතයි.

මැණික් ගලක් සොරාගැනීමේම සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් 2025 වසරේ අගෝස්තු මාසයේ ලද පැමිණිල්ලක් විමර්ශනයේදී සාක්ෂිකරුවන් හා සැකකරුවන්ට අයත් මුදල් සැකකරු විසින් බලෙන් ලබාගෙන විමර්ශන කටයුතු සිදු නොකිරීම හේතුවෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය කර ඇති බව පොලිසිය කියයි.

එම ‍චෝදනාවකට අදාලව සැකකරු ඊයේ (03) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes