General05 June 2026

ජගත් පරිසර දින ජාතික සැමරුම ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන්

2026 ජගත් පරිසර දින ජාතික සැමරුම දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (05) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

සියලු‍ ජීවින්ගේ පැවැත්ම තහවුරු කෙරෙන තිරසර පරිසරයක් දැක්ම කොටගත් වත්මන් රජයේ පරිසර ප්‍රතිපත්තිය තුළ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි නිරෝගී ජන සමාජයක් සහ තුලිත පරිසරයක් උදෙසා ප්‍රමුඛතාව ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

පරිසර දින සැමරුමට සමගාමීව රිටිගල, අලියාවැටුණුවැව, මුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය යන වනාන්තර 05, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
Related recommendation
Hiru TV News | Programmes