General05 June 2026

මීගොඩ දන්සල් අනතුරේ පලා ගිය සැකකරුවන් තිදෙනෙකු සෙවීමට මහජන සහාය පතයි

පසුගිය මැයි 31 වනදා මීගොඩ හන්දිය අසල අවිස්සාවේල්ල-කොළඹ හයිලෙවල් මාර්ගයේ පිහිටි දන්සලක පෝලිමේ සිටි පිරිසක් යටකරමින් කැබ් රථයක් ධාවනය වීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් 7 දෙනෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කැබ් රථයේ ගමන් කළ, රියදුරු අත්අඩංගුවට පත්වීමෙන් පසු පලා ගිය තිදෙනෙකු සොයා පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන අරඹා තිබෙනවා.

ඒ අනුව, අත්තනායකගේ දොන් වසන්ත (කැබ් රථයේ ලියාපදිංචි අයිතිකරු) - නො. 243/D, කුඩමාදුව, සිද්ධමුල්ල, පිළියන්දල යන ලිපිනයේ පදිංචි තැනැත්තෙක්,

S. K. කුමාර හෙවත් සෙල්ලමුත්තු සෙල්ලකුමාර් - නො. 342/D, පැලන්වත්ත, පන්නිපිටිය සහ දොන් සරත් හෙට්ටිගේ - නො. 337/07, පැලන්වත්ත, පන්නිපිටිය යන ලිපිනයන්හි පදිංචි දෙදෙනෙකුත් ඇතුළු තිදෙනෙක් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. (ඡායාරූප පහතින් අමුණා ඇත)

මොවුන් පිළිබඳ තොරතුරක් වෙතොත් මීගොඩ පොලිස් ස්ථානාධිපති (071 859 2179) හෝ මීගොඩ රථවාහන අංශයේ ස්ථානාධිපති (077 949 4188) යන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම, අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ජුනි 1 වනදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes