ව්‍යාජ ලිපි ලේඛන ජාතික හැඳුනුම්පත් හා වාහන අංක තහඩු සැකසූ මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් තිදෙනෙකු මුදල් සමග ඊයේ (05) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
බොරැල්ල එන්. එම්. පෙරේරා මාවතේ නිවසක් කුලියට ලබාගෙන කාලයක් තිස්සේ ඉතා රහසිගතව මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එහි තිබී ව්‍යාජ නිල මුද්‍රා 600ක්, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඔප්පු පිටපත්ව ඇති මුල් ගොනු 2ක්, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් 4 ක්, ව්‍යාජ ලේඛන සකස් කිරීම සඳහා යොදාගත් විද්‍යුත් උපකරණ, ටයිප් රයිටර්, මෝටර් රථයක්, යතුරුපැදියක් සමග රුපියල් ලක්ෂ 15 ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එම නිල මුද්‍රා අතර රජයේ ප්‍රධාන පෙලේ දෙපාර්තමේන්තුවල නිල මුද්‍රා, සාමාදාන විනිශ්චකාර, නොතාරිස්, නීතීඥ හා විවිධ තනතුරු දරන්නන්ගේ නිල මුද්‍රා තිබූ බව පොලිසිය පවසන්නේ.
පොලිස් නිලධාරීන් එම ස්ථානය වටලන අවස්ථාවේදී සිටි සැකකරුවන් දෙදෙනකු සහ ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු මත නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54, 55, හා 59අතර පසුවන බොරැල්ල දික්වැල්ල සහ හොරණ පදිංචිකරුවන් බවයි සඳහන්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Latest News
‘Ice Age: Boiling Point’ පූර්ව ප්රචාරක පටය එළිදක්වයි
Local
06 June 2026
රාගම රෝහලේ වැටලීම ගැන GMOA විරෝධය
Local
06 June 2026
සහරා කාන්තාරයේදී ලොරි රථයක් ක්‍රියාවිරහිත වී පිපාසය දරාගත නොහැකිව 49 දෙනෙකු ජීවිතක්ෂයට
Local
06 June 2026
බොරැල්ලේ හොර කච්චේරියක් වටලයි: හොර සීල් තොගයක් මාට්ටු
Local
06 June 2026
බටගොඩ සෙනෙහසේ කැදැල්ලේ අබිරහස් මරණ රැසක්ම සිදුවෙලා: NSPD වෙත යැවූ වාර්තාවකින් හෙළිවේ
Local
06 June 2026
සේප්පුවේ යතුරත් අරන් පලාගිය වැලිකඩ පොලිස් සැරයන්ගේ වැඩ තහනම්
Local
06 June 2026
මැදපෙරදිග අර්බුදය නිසා ලාංකිකයින් ලක්ෂ 13ක් දැඩි ආහාර හිඟයකට මුහුණ දීමේ අවදානමක්
Local
06 June 2026
අද සහ හෙට කොටා පාර දුම්රිය හරස් මාර්ගය වැසෙයි
Local
06 June 2026
කැලණි, කළු සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළට
Local
06 June 2026
2026 වසරේ ලොව වැඩිම ආදායමක් ඉපැයූ ක්‍රීඩකයින් 10 දෙනාගේ ලැයිස්තුව ෆෝබ්ස් සඟරාව නිකුත් කරයි
Local
06 June 2026