ලෙබනන දකුණු ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ දරුණු ගුවන් ප්‍රහාර හේතුවෙන් එරට හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දෙරට අතර අන්‍යෝන්‍ය එකඟතාවයකින් යුතුව තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර දින කිහිපයක් ගතවීමටත් මත්තෙන් මෙම ප්‍රහාර මාලාව එල්ල වී තිබුණා.
ලෙබනන හමුදාව නිල වශයෙන් තහවුරු කරන පරිදි, බ්‍රිගේඩියර් ජෙනරාල් වසම් සබ්‍රා (Wassam Sabra), කපිතාන් එලී ඛූරි (Elie Khoury) සහ හුසේන් ගොසාල් (Hussein Ghozal) නමැති සාමාන්‍ය වැසියෙකු (හමුදා සෙබළෙකු) ඛර්දාලි-නබටියේ (Khardali-Nabatieh) මාර්ගයේ හමුදා රථයකින් ගමන් කරමින් සිටියදී ඊශ්‍රායල ප්‍රහාරයට ලක්ව මෙලෙස මියගොස් තිබෙන බව සඳහන්.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාව පවසා සිටියේ, අදාල ප්‍රහාරය එල්ල වූයේ ක්‍රියාකාරී සටන් කලාපයක් (Active Combat Zone) තුළ බවත්, එවැනි කලාපයක සිදුවන ඕනෑම ගමනාගමනයක් කලින් ඊශ්‍රායල හමුදාව සමග සම්බන්ධීකරණය කරගත යුතු බවයි.
කෙසේ වෙතත්, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වන බවද සඳහන්.
මෙම සිදුවීම දැඩි ලෙස හෙළා දකිමින් ලෙබනන ජනාධිපති ජෝසෆ් අවුන් (Joseph Aoun) ප්‍රකාශ කළේ, මෙය ලෙබනනයේ ස්වෛරීභාවය මෙන්ම ජාත්‍යන්තර නීති රීති පද්ධතිය මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් බවයි.
එමෙන්ම, ලෙබනන අග්‍රාමාත්‍ය නවාෆ් සලාම් (Nawaf Salam) මෙය ලෙබනන වැසියන්ට එල්ල වූ පිළිකුල් සහගත අපරාධයක් ලෙස හඳුන්වමින් මියගිය නිලධාරීන්ගේ පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කර තිබුණා.
ලෙබනන හමුදාව පෙන්වා දෙන්නේ ඊශ්‍රායලය දිගින් දිගටම සිදුකරන මෙම කුරිරු ප්‍රහාරයන්ගේ මූලික අරමුණ දෙරට අතර සාමකාමී විසඳුමකට එළඹීමට පවතින උත්සාහයන් කඩාකප්පල් කිරීම බවයි.
මේ අතර, ලෙබනන හමුදාපති ජෙනරාල් රුඩොල්ෆ් හයිකල් (Rudolf Haykal) විශේෂ සාකච්ඡාවක් සඳහා පාකිස්ථානය බලා පිටත්ව ගොස් තිබෙනවා.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය තත්ත්වය සමනය කිරීම සඳහා පාකිස්ථානය මැදිහත් වී පවත්වන සාම සාකච්ඡාවලට සහභාගී වීම ඔහුගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් වන අතර, ලෙබනනයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වීමට නියමිතයි.
මූලාශ්‍ර : අල්ජසීරා

Latest News
ජීප් රථයක ගැටී කතක් මරුට
Local
07 June 2026
තිදරු මවකට වන අලි ප්‍රහාරයක්
Local
07 June 2026
තංගල්ල දංකැටිය ප්‍රදේශයේ දී කාන්තා මළ සිරුරක් හමු වෙයි
Local
07 June 2026
උඩවලව රක්ෂිතයේ දී ලක්ෂ ගණනක ගංජා සමඟ අයෙක් දැලේ
Local
07 June 2026
ට්‍රම්ප් පාලනයේ සංක්‍රමණික තහනම අමෙරිකානු අධිකරණයකින් අවලංගු කරයි
Local
07 June 2026
භූමි තෙල්වලින් ධාවනය කළ කොළඹ මොණරාගල බස් රථයක් අත්අඩංගුවට
Local
07 June 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ හමුදා ප්‍රධානීන් ඇතුළු 12ක් මරුට
Local
07 June 2026
අමෙරිකානු ආරක්ෂක ලේකම්ගෙන් යුරෝපයට දැඩි ප්‍රහාරයක්
Local
07 June 2026
ප්‍රවීණ බ්‍රිතාන්‍ය රංගන ශිල්පී පැට්රික් ගොඩ්ෆ්‍රි අභාවප්‍රාප්ත වෙයි
Local
07 June 2026
හැකර් සිද්ධියේ වාර්තාව ගැන කතාකරන්න මුදල් කාරක සභාව හෙට රැස්වෙයි
Local
07 June 2026