රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේට එරෙහිව සිදුවන බව පැවසෙන කෲර සහ අමානුෂික සැලකීම්වලට විරෝධය පළ කරමින් අද (08) ආරම්භ කළ අඛන්ඩ සත්‍යග්‍රහය පවැත්වෙන ස්ථනායට සලේගේ මව පැමිණියා.
එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය පවසා සිටියේ මෙවැනි අදහසක්.
අපි ගැන විස්තර ඕන්නං නුගේගොඩ අවට මං ඉන්න වටේම මිනිස්සුන්ගෙන් අහන්න මමී කොහොමද ළමයි හැදුවේ කියලා. මට රෑටත් මට ඇහෙනවා. මමී කියාගෙන එනවා. මං රෑ දෙකට තුනට දොර අරිනවා අම්මා පුතේ කියලා. පස්සේ තමයි මට මතක් වෙන්නේ ආ පුතා ඉන්නේ එහෙනේ කියලා. මිනිස්සු අහනවා හිරේද ඉන්නේ? අනේ ඇයි ඕගොල්ලෝ නිකන් ඉන්නේ කියලා. කාටද කතා කරන්නේ? මේවා සාධාරණද? දෙයියෝ බුදුන් උහුලන පාපයක් නෙමෙයි මේ ඕගොල්ලෝ කරගන්නේ.
එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය පවසා සිටියේ මෙවැනි අදහසක්.
ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි මගේ පුතා වෙනුවෙන් කරන දේවල් වලට මගේ ළමයාව මම වර්ණනා කරනවා නෙමෙයි නුගේගොඩට ඇවිල්ල අහන්න මගේ දරුවට තියෙන ආදරය. ඒ මිනිස්සුන්ට එච්චර ආදරේ නම් වදාපු අම්මට කොච්චර වේදනාවක් ඇත්ද? අපි මේවා නොකියා හිටියට මේවා පපුවේ පත්තු වෙනවා. මමත් ලෙඩෙක්. මට ප්‍රෙෂර් තියෙනවා .මටයි තියෙන්නේ අයිතිය දරුවාගේ.
කාදිනල්තුමාලා අයියෝ කියලා වැඩක් නෑ. මේ මං අනුන් ගැන විවේචනය කරනවා නෙමෙයි.දේශපාලනය හරි වැරදි තේරෙන්නේ නැති මිනිස්සු. ඉස්සරත් හිටියා කාදිනල්ලා, ඒ ඔක්කොමල්ලා මං අඳුරනවා. මං මගේ අම්මාගේ, තාත්තාගේ බඩේ ඉන්නකොට මං ආගම්කාරයෙක්. මං ආගම අත්හරින්නෑ. මගේ ජේසුට හැමදාම වඳින්නේ. හැම අඟහරුවාදාම මං මගේ ගෙදර ළඟ පල්ලියට වීල් එකක් අරන් යනවා. ඉස්සර කොච්චිකඩේ ගියා. උඩ ඉන්න දෙවියෝ ඔක්කොටම වඩා මගේ පුතා ගැන දන්නවා, මම එයාට බාර දීලා තියෙන්නේ.
මට එතනින් එහාට කියන්න දෙයක් නෑ. තමන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ඨ කරගන්න. එයා එදා ඉඳලා එහෙමනේ ඒ පැත්තට. අද අපි මේ පය ගහලා ඉන්නේ ඇයි? මේගොල්ලෝ බුද්ධි අංශය දීපු තොරතුරු වලට යුද්ධේ වැඩ කළේ. එහෙම නැතුව මේ යුද්ධෙට ඉස්සරහට ගියාට වැඩ වෙන් නෑ. ආ මගේ දරුවා කවදාකවත් එයා ප්‍රශංසාවට කැමති කෙනෙක් නෙමෙයි. හැංගිලා වැඩ කරපු එක්කෙනෙක්.කොහේ හරි ගියා ම පින්තූරෙකටවත් ඉන්නේ නැහැ. මමත් එයත් එක්ක හිටියා ෆ්‍රාන්ස්වල. එයා ගිහිල්ලා හිටියනේ අවුරුද්දක් හිටියා. ඉතින් ඔය හැම හැම දරුවෙක්ම මගේ ළඟට ඇවිල්ලා වැඳලා යන්නේ
අපි ගැන විස්තර ඕන්නං නුගේගොඩ අවට මං ඉන්න වටේම මිනිස්සුන්ගෙන් අහන්න මමී කොහොමද ළමයි හැදුවේ කියලා. මට රෑටත් මට ඇහෙනවා. මමී කියාගෙන එනවා. මං රෑ දෙකට තුනට දොර අරිනවා අම්මා පුතේ කියලා. පස්සේ තමයි මට මතක් වෙන්නේ ආ පුතා ඉන්නේ එහෙනේ කියලා. මිනිස්සු අහනවා හිරේද ඉන්නේ? අනේ ඇයි ඕගොල්ලෝ නිකන් ඉන්නේ කියලා. කාටද කතා කරන්නේ? මේවා සාධාරණද? දෙයියෝ බුදුන් උහුලන පාපයක් නෙමෙයි මේ ඕගොල්ලෝ කරගන්නේ.
සමාවෙන්න මේ හාමුදුරුවනේ. මම මේ වගේ කතා කළාට. මගේ ආවේගය. අද රෑට ගිහිල්ලා මම මැරුණත්, මම හැත්තෑ ගණන්වල අන්තිම කාලේ මේ ඉන්නේ. ආ. මම මෙච්චර වයසක කෙනෙක්.
නැතුව හැමදාම යුද්ධේ දවස් වල ටීවී එක බලනවා. එහාට ඇවිදිනවා. මෙහාට ඇවිදිනවා. ඇයි අනේ මගේ පුතා ඉන්නවා. මෙයාට තමයි ලිස්ට් එක එන්නේ. මැරිච්ච මිනිස්සුන්ගේ. මගේ පුතා කමාන්ඩෝස් වල.අතින් අල්ලන් ඉස්කෝලේ ගිහිල්ලා, ඔක්කොම කරලා, හොඳට හදලා, හැමෝගෙන්ම හොඳ ගුණධර්ම ආරක්ෂා කරන්න, හැම මිනිහටම උදව් වෙන්න. පුළුවන් අවස්ථාවක තමන්ට පුළුවන් වචනෙන් හරි මිනිහෙකුට, තාත්තත් එහෙමයි එයාගේ. ඉතින් එහෙම හොඳ, මැද්දේ හැදිච්ච දරුවෝ, මේ වගේ නිකන් අපරාධකාරයෝ වගේ. අනේ මට දුකයි කියනවා. ගෙදර ඔයිට වැඩිය අපි සලකනවා. රුපියල් පනස්දාහක්, හැටදාහක් යනවා අපි ආරක්ෂා කරන බල්ලව. අපි මේ ගෙදර ඉන්නවා බල්ලෝ දෙන්නෙක්. ඉතින් මගේ පුතාට එහෙම උන එක ගැන මට නම් කියන්න දෙයක් නෑ. දෙයියෝ බුදුන් උහුලන පාපයක් නෙමෙයි මේක.
හැබැයි ඕගොල්ලන්ට ලැබෙනවා. ලැබෙනකම් මම බලාගෙන ඉන්නවා.මං මැරුණත් කමන්නෑ. ඕගොල්ලෝ ඔක්කොම සාක්කියි. මගෙ දරුවට මේ කරන දේ ඔය ශානි අබේසේකරලා, මං එතනදිත් කිව්වා එයා එක පාරට කිව්වේ අනේ දේවත්වයෙන් සලකන්න ඕන මනුස්සයෙක්. එයා ඉන්නකොට ඔය පුටුවේ අපිට වැඩක් ඒ නිසා එයාව හෙමින් අයින් කරන්න කියලා. ඒ කියන්නේ රටට සේවය කරන මිනිහා අයින් කරලා ඒගොල්ලෝ බැහැගෙන ඒගොල්ලෝ ඩැහැ ගන්නවා. එහෙම නැහැ මගේ දරුවෝ.''
Latest News
දූෂණ චෝදනාවලට වැරදිකරු වූ ටිබෙටයේ හිටපු රාජ්‍ය නායකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
Local
08 June 2026
කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී මරුට
Local
08 June 2026
රියදුරු බලපත්‍රයක් නොමැතිව මගී ප්‍රවාහන බස් රථයක් ධාවනය කළ තරුණයෙක් අත්අඩංගුවට
Local
08 June 2026
පාස්කු ප්‍රහාර විමර්ශන: කර්නල් කැලුම් මද්දුමගේ ඉදිරිපත් කළ පෙත්සම ජුනි 22 යළි කැඳවයි
Local
08 June 2026
චීන ජනාධිපති ෂී ජින්පින් වසර හතකට පසු ඓතිහාසික සංචාරයක් සඳහා උතුරු කොරියාවට ළඟා වෙයි
Local
08 June 2026
සලේ රෝහල් ගතකළ බව CIDය අධිකරණයට දන්වයි
Local
08 June 2026
ඉතියෝපියාවේදී පැහැරගැනීමට ලක්වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනා බේරාගැනෙයි
Local
08 June 2026
ඕමන්තේ මනුෂ්‍ය ඝාතනයක සැකකරුවන් 03ක් සහ සැකකාරියන් 2ක් පොලිස් දැලට
Local
08 June 2026
''මගේ දරුවා කවදාකවත් ප්‍රශංසාවට කැමති කෙනෙක් නෙමෙයි - හැංගිලා වැඩ කරපු කෙනෙක්''- සලේගේ මව කියන කතාව
Local
08 June 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට
Local
08 June 2026