පොළොන්නරුව, වැලිකන්ද, වඩමුනේ පාලම අසලදී වටිනා ඇත් දළ ජෝඩුවක් සහ බෙහෙත් කොටන තුවක්කුවක් ද සමඟ පුද්ගලයෙක් ඊයේ (09) රාත්රියේදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාලච්චේන, ජයන්තියාය, පූනානී ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම ඇත්දල ජෝඩුව සහ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුව සූක්ෂම ආකාරයෙන් පොහොර උරයක දමා වැලිකන්ද ප්‍රදේශයට රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බවයි පොලිසිය පවසන්නේ.
මෙම පුද්ගලයා විසින් ඇතෙක් මරා ඇත්දල ජෝඩුව ගලවාගෙන ඇත්ද, එසේ නොමැතිනම් ඇත්දල ජෝඩුව වෙනත් පුද්ගලයෙකුගෙන් ලබාගෙන අළෙවි කිරීමට රැගෙන යමින් තිබුණේ ද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරනු ලබන බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අද (10) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද වැලිකන්ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.පී.ජේ කුමාරසිංහ ඇතුළු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා.
Latest News
රජයටම වී දෙන්න ඕනි කියලා එකක් නෑ.. මුදලාලිටත් දෙන්න - කෘෂි නි. ඇමති නාමල්
Local
18 July 2026
අමෙරිකාවට චෝදනා කරමින් ඉරානය අවබෝධතා ගිවිසුම අත්හිටුවයි
Local
18 July 2026
කැන්ඩි රෝයල්ස් පරදා දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ලකුණු 18ක විශිෂ්ට ජයක්
Local
18 July 2026
අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එක කාලය කා දැමීමක් කියලා මිනිස්සු කියන්නේ - අගමැති හරිනි
Local
18 July 2026
මත්ද්‍රව්‍ය මර්දන ජාතික වැඩසටහනට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ සහය
Local
18 July 2026
මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවයි
Local
18 July 2026
පෘථිවියට සමාන පාෂාණමය පළමු වායුගෝලය සොයාගනී
Local
18 July 2026
සුළගේ වේගය හෙටත් ඉහළට
Local
18 July 2026
එල් නීනෝ - ලා නීනා පරිසර සාකච්ඡා අගනුවරින් බැහැරව ගමටත් ගෙන යා යුතුයි - විපක්ෂ නායක
Local
18 July 2026
නිලධාරීවාදී බාධාවලින් තොරව පහසුවෙන් ව්‍යාපාර කරන්න දෙනවා: ඇමති හඳුන්නෙත්ති වටමේස සාකච්ඡාවකදී පවසයි
Local
18 July 2026