අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්ඩංගුවේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේ සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවලට භාජනය වී තිබේදැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් අද (10) පත් කළා.
එම වෛද්‍ය පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙසත් එලෙස සිදුකළ වෛද්‍ය පරික්ෂණයේ වාර්ථාව ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා එම වෛද්‍ය මණ්ඩලයට නියෝග කළා.
මහේස්ත්රාත්වරරයා එම නියෝගය නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්.
අද (10) නිකුත් කළ නියෝගය පිටු 17 කින් සමන්විත වු අතර එය මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත අධිකරණයේදී කියවා දෙනු ලැබුවා.
සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින් පෙර නඩු දිනයේ දී අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.
Latest News
අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ බූෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාර පරිශ්රයටත් හානි
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 24කගේ මරණ පරීක්ෂණ අවසන්: 14ක් වෙඩි වැදීමෙන්, 9ක් පහරදීම්වලින් මියගිහින්
Local
09 July 2026
කොටගලින් අල්ලපු ලක්ෂ 5ක ගුල්ලන් ගැසූ පරිප්පු තොගය භූමිතෙල් ඉස විනාශ කරයි
Local
09 July 2026
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මත වෙයි
Local
09 July 2026
ඉන්දියාවේ ආයෝජනයට ඔස්ට්‍රේලියාවට ඇරයුම්
Local
09 July 2026
තැඹිලි ලහිරුගේ ගෙට ගිනි තැබීම ගැන පොලිස් පරීක්ෂණයක්
Local
09 July 2026
යෝෂිතගේ නඩුවට සාක්ෂි දෙන්න යසාරා අබේනායක උසාවියට
Local
09 July 2026
ගෝඨාභයයේ පෙත්සම ලබන 23 තෙක් කල් තැබෙයි
Local
09 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 130.78 කින් පහළට
Local
09 July 2026
ගෙවුණු මාසය තුළ ඩෙංගු නඩු 634ක් : එක්කෝටි දෙලක්ෂ විසිපන්දහසක දඩ
Local
09 July 2026