General09 July 2026

තැඹිලි ලහිරුගේ ගෙට ගිනි තැබීම ගැන පොලිස් පරීක්ෂණයක්

සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුනාගෙන ඇති ‘තැඹිලි ළහිරු’ නැමැත්නාගේ මිද්දෙණිය, කුඩගල ආර, ජුලම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවෙසට ඊයේ (08) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි මිද්දෙණිය පොලිසිය පවසනවා.

මේ වන විට තැඹිලි ලහිරු නමැත්තා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර, ඔහු ඉන්දුනීසියාවේ සැඟව සිටියදී මෙරටට රැගෙන ආ අයෙක්.

තැඹිලි ළහිරු සහ ඔහුගේ පවුලේ අයවලුන් මෙම නිවෙසේ ජීවත්ව සිට ඇති අතර, පසුගිය කාලයේදී කිසිවකු එම නිවෙසේ වාසය කර නොමැති බවයි පොලිසිය පවසන්නේ. ඉද හිට ඔහුගේ මව පමණක් එම නිවෙසට පැමිණ යන බවට බවට වාර්තා වෙනවා.

එම ගින්නෙන් කිසිදු අයකුට හානියක් සිදුව නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Related recommendation
Hiru TV News | Programmes