General10 June 2026

සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්ඩංගුවේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේ සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවලට භාජනය වී තිබේදැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් අද (10) පත් කළා.

එම වෛද්‍ය පරීක්‍ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙසත් එලෙස සිදුකළ වෛද්‍ය පරික්ෂණයේ වාර්ථාව ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා එම වෛද්‍ය මණ්ඩලයට නියෝග කළා.

මහේස්ත්‍රාත්වරරයා එම නියෝගය නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්.

අද (10) නිකුත් කළ නියෝගය පිටු 17 කින් සමන්විත වු අතර එය මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත අධිකරණයේදී කියවා දෙනු ලැබුවා.

සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින් පෙර නඩු දිනයේ දී අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes