General10 June 2026

දේශීයව ඇසුරුම් කරන ලද සහ බෝතල් කරන ලද පානීය ජලය සඳහා නව උපරිම සිල්ලර මිලක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දේශීයව ඇසුරුම් කරන ලද සහ බෝතල් කරන ලද පානීය ජලය සඳහා නව උපරිම සිල්ලර මිල ගණන් නියම කර තිබෙනවා.

එය අද (10) සිට ක්රියාත්මකයි.

සංශෝධිත ගැසට් නිවේදනයට අනුව උපරිම මිල ගණන් පහතින්.

මිලිලීටර 500 - 999 බෝතලයක් - රුපියල් 80කි

ලීටර් 1 - 1.499 බෝතලයක් - රුපියල් 120කි.

ලීටර් 1.5 - 1.999 බෝතලයක් - රුපියල් 150කි.

ලීටර් 2 - 2.499 බෝතලයක් - රුපියල් 180කි.

ලීටර් 5 - 6.999 බෝතලයක් - රුපියල් 400කි.
Related recommendation
Hiru TV News | Programmes