General10 June 2026

ගාලු මුවදොර මුහුදේ තිදෙනෙකු අනතුරක: අයෙක් සොයා මෙහෙයුම්

ගාලු මුවදොර මුහුදේ දිය නෑමට ගිය පාසල් ළමයින් තුන්දෙනෙකු රළ පහරකට හසුව අනතුරට ලක්ව තිබෙනවා.

ඔවුන් අතරින් දෙදෙනෙකු මුදා ගත් බවයි පොලිසිය පැවසුවේ.

මුදාගත් ළමයින් දෙදෙනා මේ වනවිට කොළඹ ජාතික රෝහල වෙත යොමුකර ඇති බව පොලිසිය පැවසුවා.

මේ අතර අතුරුදන් අයෙකු සොයා මෙහෙයුම් සිදු කරන බවද පොලිසිය සඳහන් කළා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමයින් වන අතර ඔවුන් මාලිගාවත්ත ප්‍රදේශයේ සිට එහි පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes